Exhaust Emissions

 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐚𝐧 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐠𝐚𝐬 ?


   අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය දහනයට ලක් වීමෙන් වායු ගෝලයට බැහැර වනු ලබන අපද්‍රව්‍ය ම වාතය 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 ලෙසින් හැදින් වේ. සාමාන්‍යයෙන් ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවට ලක් වීමෙන් පිටාර වාතය ලෙස කාබන්ඩයොක්සයිඩ් (𝑪𝑶2) සහ ජල වාෂ්ප (𝑯2𝑶) නිපදවීම සිදු විය යුතු ය.




    නමුත් 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එක මත පැටවෙන විවිධාකාර භාරයන්ට (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑳𝒐𝒓𝒅) සමානුපාතික ලෙසින් විවිධ වේග අවස්ථාවන් යටතේ 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ක්‍රියාත්මක වීම සිදු වේ. මේ නිසා විවිධ අනුපාතයන්ගෙන් යුත් ඉන්ධන වාත මිශ්‍රණයන් එන්ජිම තුලට සැපයීම සිදු කල යුතු ය. මෙම හේතු කාරනා මත එන්ජිම තුල අක්‍රමවත් දහන අවස්ථාවන් සිදු වීම මගින් පිට වන 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර වන දහනය නොවූ හයිඩ්‍රොකාබන් (𝑯𝑪) , කාබන් මොනොක්සයිඩ් (𝑪𝑶) , සල්ෆර් (𝑺) , නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝑶𝑿) සහ තවත් බොහෝ රසායනික නිෂ්පාදන අඩංගු වේ. 

   මීට අමතරව ඉන්ධන මත එකතු කරනු ලබන විවිධාකාර වූ රසායනික සංයෝග නිසා ජනනය වීම සිදු වන විවිධාකාර වූ රසායනික වායූන් සහ රසායනික අපද්‍රව්‍ය සුළු වශයෙන් පිටාර වායුව (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) අන්තර්ගත වී පැවතිය හැකිය.


සමස්තයක් ලෙස මෝටර් රථ මගින් පිට වන පිටාර දුම (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) තුල පහත සදහන් රසායනික ද්‍රව්‍ය , රසායනික වායූන් හා අංශුමය අපද්‍රව්‍ය අඩංගු වීම සිදු වේ. ඒවා නම්;


• 𝐂𝐚𝐫𝐛𝐨𝐧 𝐝𝐢𝐨𝐱𝐢𝐝𝐞 (𝐂𝐎𝟐), 

• 𝐜𝐚𝐫𝐛𝐨𝐧 𝐦𝐨𝐧𝐨𝐱𝐢𝐝𝐞 (𝐂𝐎),

• 𝐰𝐚𝐭𝐞𝐫 𝐯𝐚𝐩𝐨𝐮𝐫𝐬 (𝐇𝟐𝐎), 

• 𝐨𝐱𝐲𝐠𝐞𝐧 (𝐎𝟐),

• 𝐍𝐢𝐭𝐫𝐨𝐠𝐞𝐧 𝐦𝐨𝐧𝐨𝐱𝐢𝐝𝐞 (𝐍𝐎𝟐), 

• 𝐍𝐢𝐭𝐫𝐨𝐠𝐞𝐧 𝐝𝐢𝐨𝐱𝐢𝐝𝐞 (𝐍𝐎𝟐),

• 𝐒𝐮𝐥𝐩𝐡𝐮𝐫 𝐝𝐢𝐨𝐱𝐢𝐝𝐞 (𝐒𝐎𝟐), 

• 𝐡𝐲𝐝𝐫𝐨𝐜𝐚𝐫𝐛𝐨𝐧𝐬, 

• 𝐩𝐚𝐫𝐭𝐢𝐜𝐮𝐥𝐚𝐭𝐞 𝐦𝐚𝐭𝐭𝐞𝐫 𝐚𝐧𝐝 𝐞𝐭𝐜.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry