Engine Load

 𝗘𝗻𝗴𝗶𝗻𝗲 𝗟𝗼𝗮𝗱 𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻

    එන්ජින් භාරය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒍𝒐𝒂𝒅) යනු , අභ්‍යන්තර දහන එන්ජිමක් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) භාවිතා කරමින් ජනනය කර ගනු ලබන බලයට එරෙහිව ක්‍රියාත්මක වන බලයයි. මේ නිසා එන්ජිමක් ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වීමට නම් , එම එන්ජිමට ශේණිගතව සම්බන්ධ කර ගෙන ඇති භාරයන් අබිබවා යාමට හැකි බලයක් එන්ජිම මගින් ජනනය කට ගැනීමට හැකි විය යුතු ය. මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් සැලසුම් භාරයන්ට අනුකූලව මෝටර් රථ එන්ජින් නිර්මාණය කිරීම සිදු කරයි.


   මෝටර් රථ එන්ජින් සදහා සම්බන්ධිත භාරයන් (𝒍𝒐𝒂𝒅) කිහිපයක් පහත පරිදි වේ;

• 𝐓𝐫𝐚𝐧𝐬𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦 

• 𝐀𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐨𝐫

• 𝐀.𝐂 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐨𝐫 

• විවිධ කටයුතු සදහා භාවිතා කරනු ලබන 𝐡𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐩𝐮𝐦𝐩 𝐨𝐫 𝐏.𝐓.𝐎 𝐏𝐮𝐦𝐩






    මීට අමතරව , එන්ජිමට සම්බන්ධිත භාරය අබිබවා යමින් එන්ජිම මගින් භ්‍රමන බලය නිපදවා ගැනීම නිශ්චිත වූ එන්ජින් වේග පරාසයක් තුලට සීමා වී පවතී. එනම් එන්ජිම මගින් වැඩි බලයක් ජනනය කිරීම සිදු වන විට දී ඊට සාපේක්ෂව එන්ජින් වේගයේ අඩු වීමක් සිදු වේ. මේ අනුව , එන්ජිමට සම්බන්ධිත භාරය මගින් එන්ජිමෙහි භ්‍රමණ බලය නිපදවීමේ හැකියාවට බාධා ඇති කරනු ලබයි.  

   ප්‍රායෝගික ලෙසින් අභ්‍යන්තර දහන එන්ජින් තුල 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒍𝒐𝒂𝒅 , 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒃𝒓𝒂𝒌𝒆 𝒑𝒐𝒘𝒆𝒓 සහ 𝒕𝒐𝒓𝒒𝒖𝒆 යන සුවිශේෂී නම් වලින් හඳුන්වනු ලබන බලයන් ක්‍රියාත්මක වේ. එන්ජිම ක්‍රියාත්මක වන තත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඉහත සදහන් බලයන් ඉතාමත් සමාන ආකාරයෙන් ක්‍රියා කරනු ලබයි. එන්ජිමක ව්‍යාවර්තය (𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒕𝒐𝒓𝒒𝒖𝒆) යනුවෙන් අදහස් කරනු ලබන්නේ එන්ජිමක පැටවුම් තත්වයන් යටතේ එම එන්ජිම මගින් ජනනය කරනු ලබන භ්‍රමණ බලයයි. 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒃𝒓𝒂𝒌𝒆 𝒑𝒐𝒘𝒆𝒓 මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය තාවකාලික මට්ටමින් හෝ සම්පූර්ණ මට්ටමින් නතර කිරීමට අවශ්‍ය බලය සපයනු ලබයි. එන්ජිමෙහි ධාවන තත්වයන්ට ගැළපෙන පරිදි ඉහත සදහන් බලයන් විවිධ අනුපාතයන්ගෙන් යුතුව එන්ජින් තුල දී ක්‍රියාත්මක වීම සිදු වේ.



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry