Ohms Low
" වෙනස් නොවන භෞතික තත්වයක් යටතේ (උෂ්ණත්ව , ආතති , 𝒆𝒕𝒄.) පවතින සන්නායක මාධ්‍යයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාව "𝗜" , එම සන්නායක මාධ්‍ය දෙකෙළවර මත ගොඩනැගෙන විභව වෙනසට "𝗩" අනුලෝමව සමානුපාතික වේ. "
" ඕනෑම විද්‍යුත් පරිපථයක භෞතික තත්ව නොවෙනස්ව පවතී නම් (විශේෂයෙන්ම සලකනු ලබන පරිපථයේ උෂ්ණත්වය) එම පරිපථය හරහා ගලනු ලබන විද්‍යුත් ධාරාවට "𝗜" යොදනු ලබන වෝල්ටීයතාවය "𝗩" අනුලෝමව සමානුපාතික වන අතර සම්පූර්ණ පරිපථ ප්‍රතිරෝධය (සමක ප්‍රතිරෝධය) "𝗥" ට ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ."
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗢𝗵𝗺’𝘀 𝗟𝗮𝘄?
.
නියත උෂ්ණත්වයක් යටතේ පවතින ස්ථාවර රේඛීය ප්‍රතිරෝධයක් හරහා ගලා යනු ලබන විද්‍යුත් ධාරාව(𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) එය හරහා යොදනු ලබන වෝල්ටීයතාවට(𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) සෘජුවම සමානුපාතික වේ. එනම් ප්‍රතිරෝධකය තුලින් ගලනු ලබන ධාරාව වැඩි වන විට , ප්‍රතිරෝධකය දෙපසට යොදනු ලබන වෝල්ටීයතාවය ද ඒ සමගම වැඩි වීම සිදු වේ. ඒ වගේම ප්‍රතිරෝධය තුලින් ගලනු ලබන ධාරාව අඩු වන විට , ප්‍රතිරෝධය දෙපසට යොදනු ලබන වෝල්ටීයතාවය ද ඊට අනුකූලව අඩු වීම සිදු වේ.
ඒ වගේම සලකනු ලබන ප්‍රතිරෝධකය තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාවට "𝑰" ප්‍රතිරෝධය මගින් ඇති කරනු ලබන බාධාව එනම් ප්‍රතිරෝදීතාවය ට ප්‍රතිලෝමව සමානුපාතික ලෙසින් වෙනස් වීම සිදු වේ. ප්‍රතිරෝධකය මත යොදනු ලබන වෝල්ටීයතාවයේ සහ ධාරාවේ අනුපාතය ප්‍රතිරෝධීතාවය ලෙසින් හඳුන්වනු ලබන අතර , පුළුල් වෝල්ටීයතා පරාසයක් මත මෙම අනුපාතය නියත අගයක පවතී නම් එම ද්‍රව්‍ය "ඕමික් ද්‍රව්‍ය (𝑶𝒉𝒎𝒊𝒄 𝒄𝒐𝒏𝒅𝒖𝒄𝒕𝒐𝒓𝒔)" ලෙසින් හඳුන්වනු ලබයි.
ගණිතමය වශයෙන්
𝐈 α 𝐕 .......
𝐎𝐫........ 𝐕/𝐈=𝐑
𝐖𝐡𝐞𝐫𝐞 𝐑 = 𝐂𝐨𝐧𝐬𝐭𝐚𝐧𝐭
ඉහත "𝐑" යනු සමානුපාතිකත්වයේ නියතයක් වන අතර එය සලකනු ලබන සන්නායක තුල අන්තර්ගත ප්‍රතිරෝධය ලෙසින් හැදින් වේ.
𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐭 = 𝐏𝐨𝐭𝐞𝐧𝐭𝐢𝐚𝐥 𝐃𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 ÷ 𝐑𝐞𝐬𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞
𝐈 = 𝐕/𝐑
𝙒𝙝𝙚𝙧𝙚 :
𝙑 = 𝙑𝙤𝙡𝙩𝙖𝙜𝙚 𝙞𝙣 𝙑𝙤𝙡𝙩𝙨(𝙑)
𝙄 = 𝘾𝙪𝙧𝙧𝙚𝙣𝙩 𝙞𝙣 𝘼𝙢𝙥𝙚𝙧𝙚𝙨 (𝘼)
𝙍 = 𝙍𝙚𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙘𝙚 𝙞𝙣 𝙊𝙝𝙢𝙨 (Ω)
Formulas & Equations of Ohm's Low
විද්‍යුත් පරිපථ සැලසුම් කිරීමේ දී භාවිතා කරනු ලබන සංරචක තුල අන්තර්ගත විශේෂිත වූ දත්තයන් (විශේෂයෙන් ම ධාරාව , වෝල්ටීයතාවය සහ ප්‍රතිරෝධය වැනි දත්තයන්) ගණනය කිරීම සදහා ඕම් නියමය ආකාර තුනක් යටතේ භාවිතා කිරීම සිදු කර ගත හැකිය.
To
find the Voltage, ( V )
[ V = I x R ] V (volts) = I (amps) x R (Ω)
To
find the Current, ( I )
[ I = V ÷ R ] I (amps) = V (volts) ÷ R (Ω)
To
find the Resistance, ( R )
[ R = V ÷ I ] R (Ω) = V (volts) ÷ I (amps)
How to calculate electric circuits using ohm's Low.
මූලික සහ සංකීර්ණ විද්‍යුත් පරිපථ සටහන් සදහා ඕම් නියමය භාවිතා කිරීම මගින් එම පරිපථ සටහන් විශ්ලේෂණය කර ගැනීමට සහ සරල කර ගැනීමට හැකි වේ. මේ නිසා පරිපථ සටහන් මත අවශ්‍ය ගණනය කර ගැනීම් පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව පවතී. මේ අනුව පරිපථ තුල පවතින ප්‍රතිරෝධී අගයන් , විද්‍යුත් ධාරාව සහ වෝල්ටීයතාවය වැනි ගණනය කිරීම් සදහා අවශ්‍ය සමීකරණ ගොඩ නගා ගැනීමට හැකි වේ.
සම්පුර්ණ පරිපථයට ම හෝ සලකනු ලබන පරිපථ කොටසකට පමණක් ඕම් නියමය යෙදීමේ හැකියාව පවතී. සලකනු ලබන සම්පූර්ණ පරිපථය තුල ගලා යනු ලබන විද්‍යුත් ධාරාවේ අගය ඕම් නියමය යොදා ගනිමින් ගණනය කර ගැනීම සදහා එම විද්‍යුත් පරිපථය මත යොදනු ලබන වෝල්ටීයතා අගයෙන් පරිපථය තුල අන්තර්ගත සම්පූර්ණ ප්‍රතිරෝධී අගයෙන් බෙදා ගැනීම සිදු කර ගත යුතුය. ඉහත පරිදිම පරිපථය තුල අන්තර්ගත නිශ්චිත පරිපථ කොටසක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරා ප්‍රමාණය ගණනය කර ගැනීම සදහා එම පරිපථ කොටස මත යොදනු ලබන වෝල්ටීයතාවයෙන් සලකනු ලබන පරිපථ කොටස තුල අන්තර්ගත ප්‍රතිරෝධීතා අගයෙන් බෙදා ගැනීම සිදු කල යුතුය.
Comments
Post a Comment