Resistor

ප්‍රතිරෝදක (Resistor) යනු විද්‍යුත් ධාරාවේ ප්‍රවාහයට භාදාවක් ඇති කිරීමට සමත් වන ඉලෙක්ට්‍රොනික මුලද්‍රව්‍යකි.  සැලකිය හැකි වෝල්ටීයතා පරාසයක් තුල ප්‍රතිරෝධය නියතනම් , එම ද්‍රව්‍යයයේ හැසිරීම පුරෝකතනය කිරීමට Ohm නියමය (Ohm’s Low) භාවිතා කල හැකිය.V=IR භාවිතා කරමින් අපිට රෙසිස්ටර් අග්‍රයන්හි වෝල්ටීයතා(Voltage) අගයන් හා එය තුලින් ගලා බසින ධාරාවේ අගය මැනගැනීම මගින් ඉලෙක්ට්‍රොනික මූලද්‍රව්‍ය වල ප්‍රතිරෝදය ගනනය කර ගත හැකි වේ. මේ නිසා:

   “ සං‍රචකයක හෝ උපාංගයක විද්‍යුත් ප්‍රතිරෝදය(Resistor) , එය හරහා ගලා යනු ලබන විද්‍යුත්  ධාරාව(Electric current) එයට යොදනු ලබන විභව අන්තරයේ අනුපාතය ලෙස අර්ථ දැක්වේ”.



       
      ප්‍රතිරෝද සදහා භාවිතා කරනු ලබන  සංකේතය ඉහත රූපයේ දක්වා ඇත. ප්‍රතිරෝධක මනිනු ලබන සම්මත ඒකකය Ohms වන අතර එය Ω ග්‍රීක අක්ශරය මගින් සංකේතවත් කරනු ලබයි.
   
     ප්‍රතිරෝදී අගය ගනනය කිරීම සදහා භාවිතා වන සූත්‍රය,

            

                       



Multiplier Meaning Name
R units Ohms, Ω
k thousands kilohms, kΩ
M millions Megohms, MΩ


       ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කිරීමේ දී හෝ අළුත් වැඩියා කිරීමේ දී ඕම් අගය 1 වඩා අඩු ප්‍රතිරෝධක අපට හමු වේ. මේවා මනිනු ලබන්නෙ  ඕම් 1 දහසකට බෙදූ විට ලැබෙන මිලි ඕම් (mΩ) මගිනි.

    සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික් පරිපත රූප  සටහනක ප්‍රතිරෝධයන් දක්වන විට 10Ω ප්‍රතිරෝධයන් සදහා 10R ලෙසද, 10,000Ω ප්‍රතිරෝධයන් සදහා 10k ලෙසද, 10,000,000Ω ප්‍රතිරෝධයන් සදහා 10M ලෙසද දක්වනු ලබයි. මෙයට හේතුව ලෙස ග්‍රීක අක්ශරයක් වන Ω උප සර්ගය ( prefixes ) වන R , k හා M තරම් පහසුවෙන් ලිවීමට පහසු නොවීමයි.




𝖀𝖓𝖉𝖊𝖗𝖘𝖙𝖆𝖓𝖉𝖎𝖓𝖌 𝖙𝖍𝖊 𝕰𝖑𝖊𝖈𝖙𝖗𝖎𝖈𝖆𝖑 𝕽𝖊𝖘𝖎𝖘𝖙𝖆𝖓𝖈𝖊

   සන්නායක මාධ්‍ය හරහා විද්‍යුත් ආරෝපණ වල ගලා යාමේ සංසිද්ධිය සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරා ප්‍රවාහයක් ඇතිවීම ලෙසින් හඳුන්වනු ලබයි. අර්ථ දක්වා ඇති ආකාරයට ප්‍රතිරෝධය යනු සන්නායක මාධ්‍යයක් තුල දී විද්‍යුත් ධාරාවට හෝ විද්‍යුත් ආරෝපණ ප්‍රවාහයට දක්වනු ලබන විරුද්ධත්වයයි. ඊටම ආවේණික ඌ ස්වාභාවික සංඛයාතයකින් යුතුව කම්පනය වන අංශූන් අන්තර්ගත වෙමින් සන්නායක නිර්මාණය වී පවතී. සන්නායක මත භාහිර විභව වෙනසක් යොදන විට ඊට අනුකූලව එම සන්නායකය හරහා විද්‍යුත් ආරෝපණ නිශ්චිත දිශාවකට ගලා යාම සිදු වේ. මෙලෙස සන්නායකය තුලින් ගලා යනු ලබන ආරෝපණ සමග සන්නායකය නිර්මාණය වී පවතින කම්පන අංශූන් ගැටීම නිසා තාප ස්වරූපයෙන් කිසියම් ශක්ති ප්‍රමාණයක් අහිමි වීම සිදු වේ. මේ නිසා ගලා යනු ලබන ආරෝපණ අංශූන්හි ගම්‍යතාවය යම් ප්‍රමාණයකින් අඩු වීම සිදු වේ. මෙලෙස සිදු වන ආරෝපණ ඝට්ටනය හේතුවෙන් සන්නායක තුලින් සිදු වන විද්‍යුත් ධාරා ප්‍රවාහයේ ප්‍රමාණය සීමා වීම සිදු වේ. යන්ත්‍ර තුල අන්තර්ගත යාන්ත්‍රික කොටස් වල ඇති වන චලිතයන්ට විරුද්ධව ක්‍රියා කරනු ලබන යාන්ත්‍රික ඝර්ෂණය මෙන් සන්නායක තුලින් සිදු වන විද්‍යුත් ධාරා ප්‍රවාහයන්ට එසේත් නොමැති නම් ආරෝපණ චලිතයට විරුද්ධව සලකනු ලබන සන්නායක වර්ගයෙහි ප්‍රතිරෝධය ලෙසින් හඳුන්වනු ලබන ගුණාංගය ක්‍රියා කරනු ලබයි.



    එය ජලය ගමන් කරනු ලබන නලයක් තුල ඇති වන ජල ප්‍රවාහයකට සමාන කල හැකිය. නලය දිගු වන තරමට එම නලය තුලින් ජලය ගලා යාම මන්දගාමී වේ. මීට අමතරව කුඩා විශ්කම්භයක් සහිත නලයකට සාපේක්ෂව විශාල විශ්කම්භයක් සහිත නලයක් හරහා වැඩි ජල ප්‍රමාණයක් ගලා යාමට ඉඩ ප්‍රස්තාව ලබා දෙයි. ඒ හා සමානව සන්නායක තුලදී, සන්නායකයේ දිග වැඩි වන තරමට ආරෝපණ සහ අංශූන් අතර ඇති වන ඝට්ටනයන් ප්‍රමාණය ඉහල යාමෙන් ආරෝපණ වල සිදු වන චලනය තව දුරටත් අඩු වීමට හේතු වේ. මීට අමතරව විද්‍යුත් ධාරා ප්‍රවාහය සදහා විශාල විෂ්කම්භයක් සහිත සන්නායක මගින් අඩු ප්‍රතිරෝධයක් ලබා දෙන අතර කුඩා විශ්කම්භයක් සහිත සන්නායක මගින් ඉහල ප්‍රතිරෝධයක් ලබා දීම සිදු වේ. මෙසේ සිදු වන්නේ සන්නායකයේ විශ්කම්භය අඩු වන විට ආරෝපණ වලට චලනය වීම සදහා ඇති ප්‍රදේශය කුඩා විම හේතුවෙන් ඉහල ප්‍රතිරෝධයක් නිර්මාණය වීම මගිනි. මේ නිසා විද්‍යුත් ධාරා ප්‍රවාහයට හෝ ආරෝපණ සදහා එම සන්නායක කොටස් හරහා නිදහසේ චලනය වීම සදහා අපහසු පරිසරයක් නිර්මාණය වේ.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry