Magnetic Field

    චුම්බක ක්ෂේත්‍රයක් (Magnatic Field) යනු කිසියම් චුම්බකයක බලපෑමට නතු වූ , එම චුම්බකය (Magnet) අවට ඇති ප්‍රදේශය යි. චුම්බක මගින් , එම චුම්බකය මත සහ අවට පරිසරය තුල චුම්බක බල (Magnetic Force) බෙදී යන ආකාරය පිළිබදව අධ්‍යනය කිරීම සදහා චුම්බක ක්ෂේත්‍ර මූලධර්ම භාවිතා කරනු ලබයි. මෙම ලිපිය මගින් චුම්බක ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාවය සහ එහි ගැබ් වී පවතින ලක්ෂණ පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීමට උත්සහ ගනිමු.



What is magnetic field

  " චුම්බක ද්‍රව්‍යයක් හෝ චලනය වන විද්‍යුත් ආරෝපණයක් වටා ඇති කලාපය තුල චුම්බක බලයක් ක්‍රියා කරමින් චුම්බක බලපෑමට නතු වන ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය ලෙසින් අර්ථ දක්වා ඇත."

    චුම්බක ක්ෂේත්‍රයක් යනු චුම්බක මත ඇති වනු ලබන බලයන් නිරීක්ෂණය කල හැකි චුම්බක ,විද්‍යුත් ධාරාව (Electric current) හෝ වෙනස් වන විද්‍යුත් ක්ෂේත්‍රයන් (Electric Field) අසල ඇති වන දෛශ්‍රික ක්ෂේත්‍රයකි. චුම්බක ක්ෂේත්‍රයක් නිපදවීම සිදු වනු ලබන්නේ ක්වන්තම් උප පරමාණුක අංශු වලට ආවේණික කෝණික ගම්‍යතාවය සමග විද්‍යුත් ආරෝපණ (Electric Charge ) හෝ චුම්බක මත ස්වාභාවික ව ක්‍රියා කරනු ලබන බලයන් චලනය කිරීම මගිනි. චුම්බක ක්ෂේත්‍රය සහ විද්‍යුත් ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රයන් දෙක එකිනෙක සම්බන්ධ වී ස්වභාවධර්මයේ පවතින මූලික බලවේග හතරෙන් එකක් ලෙසින් හැදින්වෙන විද්‍යුත් චුම්බක බල ක්ෂේත්‍රය නිර්මාණය වී පවතී.



Magnetic Field OR Magnetic Induction (B)

    චුම්බක හෝ විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රයක්  නිපදවීම සිදු වේ.  මෙලෙස චුම්බක මත ඇති වනු ලබන චුම්බක ක්ෂේත්‍රයන් මගින් යකඩ , වානේ , etc වැනි චුම්බක ද්‍රව්‍යය මත ආකර්ෂණ හෝ විකර්ෂණ බල ඇති වේ. කිසියම් හෝ ආකාරයක් මගින් ජනනය වන චුම්බක ක්ශේත්‍රයක් මගින් චලනය වන ආරෝපණ මත ගොඩනැගෙන බලයන්ගේ විශාලත් වය පහත පරිදි දක්වා ගත හැකිය.


                  F = q x v x B


Where;

F = Force,
V = Speed of Particles,
B = magnitude of the field.


සංකේතය (Symbol ) B or H
ඒකකය ( Unit ) Tesla
මූලික ඒකකය (Base Unit ) (Newton.Second)/Coulomb






Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry