Kirchhoffs Circuit Low
Kirchhoffs circuit low නියමයන් මගින් පරිපතයක් වටා ඇති වෝල්ටියතා(Voltage) සහ ධාරා(Current) සදහා මූලික ජාල නීති සහ ප්‍රමේයන් භාවිතා කිරීමෙන් සන්කීර්න පරිපත ගැටළු පවා විසදීම සදහා අවශ්‍ය පහසුකම් ලභාගත හැකිය.
1845 දී ජර්මානු භෞතික විද්යාච්නයෙක් වූ Gustav Kirchhoff විසින් පරිපත තුල ධාරාවන් සහ විද්‍යුත් ශක්තිය සංසරනය වන ආකාරය පිලිභදව නීති මාලාවක් සකස් කරන ලදි.
==> Kirchhoffs First Low (the current low)
"සංදියකට හෝ නෝඩයකට ඇතුළු වන සම්පූර්න ධාරා හෝ ආරෝපන ප්‍රමානය නෝඩයෙන් පිටවන ධාරා හෝ ආරෝපන ප්රමානයන්ට හරියටම සමාන විය යුතු බැවින් එයට හැර යාමට වෙනත් ස්ථානයක් නොමැති බැවින් නෝඩය තුල කිසිදු ආරෝපනයක් නැති නොවේ"
එනම් නෝඩයකට ඇතුළු වන සහ පිටවන සියළුම ධාරා වල වීජීය එකතුව ශුන්‍යට සමාන විය යුතුය.
I(exiting)+I(entering)=0
==>Kirchhoffs Second Low (the voltage low)
"ඕනෑම සංවෘත ලූප ජාලයක ලූපය වටා ඇති සම්පූර්න වෝල්ටීයතාවය එකම ලූපය තුල ඇති සියළුම වෝල්ටීයතා පහතවැටීම් වල එකතුවට සමාන වේ."
එනම් ඉහත ප්‍රකාශයෙන් සදහන් වන්නේ ලූපය තුල ඇති සියලුම වෝල්ටීයතා වල වීජ එකතුව ශුන්‍යට සමාන විය යුතු බවයි.
Common DC curcit theory Terms:
• Circuit - පරිපතයක් යනු විද්‍යුත් ධාරාවක් ගලා යනු ලබන් සංවෘත්ත ලූපාකාර සන්නයන මාර්ගයකි.
• Path -විද්‍යුත් ප්‍රභව සහ සංරචක එකිනෙක සම්භන්ද කරනු ලබන රේඛාව.
• Node - පරිපත සංරචක දෙකක් හෝ වැඩි ගනනක් එකට සම්භන්ද වී ඇති සම්භන්දිත ලක්ශයක් ලබා දෙනු ලබන පරිපතය තුල ඇති ස්තානය. මෙය ඩොට් එකක් මගින් නිරූපනය වේ.
• Branch - node දෙකක් අතර සම්භන්ධ වී ඇති ප්‍රතිරෝධක හෝ ප්‍රභවයන් වැනි තනි හෝ සංරචක සමූහයක්.
• Loop - ලූපයක් යනු පරිපත සංරචකයක් හෝ node එකක් එක් වරකට වඩා හමු නොවන ලෙස පරිපතයක ඇති සරල සංවෘත මාරගය.
• Mesh - වෙනත් මාර්ග අඩංගු නොවන තනි සංවෘත ලූපාකාර වූ ශේණිගත මාර්ගයකි. Mesh එක තුල වෙනත් ලූප අඩංගු නොවේ.
Note:-
සියළුම සංරචක හරහා එකම ධාරා අගයක් ගලා යන්නේනම් එම සංරචක එකිනෙක ශේනිගත ලෙස සම්භන්ද වී ඇත.
සංරචක වලට සමාන වෝල්ටීටතාවයක් ලැබී ඇති නම් එම සංරචක සමාතරගත ලෙස එකට සම්භන්ද වී ඇත.



Comments
Post a Comment