Inductive pulls generator

 

     පේරක වර්ගයේ  සංඥා උත්පාදක (𝑰𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒕𝒚𝒑𝒆 𝒑𝒖𝒍𝒍𝒔 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒕𝒐𝒓) හෝ 𝒊𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සදහා මූලික වශයෙන් දඟරයක් (𝒄𝒐𝒊𝒍 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) , චුම්බක ක්ෂේත්‍රයක් සහ චලනය වන කොටසක් (𝒎𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕) අන්තර්ගත කරමින් නිර්මාණය කර ඇත. චුම්බක ක්ශේත්‍රයන්ට සංවේදී ද්‍රව්‍ය වලින් නිපදවා ඇති යාන්ත්‍රික කොටසක් හෝ උපාංගයක් ("𝑴𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕" ලෙසින් හැදින් වේ) සංවේදකය අසලින් චලනය වන විට එම සංවේදකය තුලින් ස්වයං වොල්ටීයතා සංඥාවක් ජනනය වීම සිදු වේ. මෙම වර්ගයේ පේරක සංවේදක ෆැරඩේ (𝑭𝒂𝒓𝒓𝒐𝒅𝒂𝒚 𝑳𝒐𝒘) නියමයට අනුකූලව ක්‍රියාත්මක වේ. 

     


   මෙම පේරක දඟරය නිපදවා ගෙන ඇත්තේ , ස්ථීර චුම්බක (𝑷𝒆𝒓𝒎𝒂𝒏𝒆𝒏𝒕 𝑴𝒂𝒈𝒏𝒂𝒕) යක් මැදි වන ලෙස එම චුම්බක ය වටා සන්නයක කම්බියක් (𝑪𝒐𝒊𝒍 𝒐𝒇 𝑾𝒊𝒓𝒆) ඔතා ගැනීම මගිනි. මෙම සන්නයන කම්බිය සදහා බොහෝ විට පාර විද්‍යුත් මාධ්‍යයකින් ආවරණය කල තඹ කම්බි 𝑪𝒐𝒑𝒑𝒆𝒓 𝑾𝒊𝒓𝒆) භාවිතා කරයි. මෙහි දී භාවිතා කල ස්ථීර චුම්බක යෙහි , චුම්බක ස්‍රාවය (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) වෙනස් කිරීමට සමත් ද්‍රව්‍යයක් හෝ ලෝහ කොටසක් එම චුම්බක ය අසලින් ගමන් කරන විට පේරක දඟරය දෙකෙළවර කුඩා ප්‍රමාණයේ වෝල්ටීයතා සංඥාවක් (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑺𝒊𝒈𝒏𝒂𝒍) ජනනය වීම සිදු වේ. 

    පේරක වර්ගයේ සංවේදක සදහා 𝒘𝒆𝒂𝒓-𝒇𝒓𝒆𝒆 𝑻𝒆𝒄𝒉𝒏𝒐𝒍𝒐𝒈𝒚 උපයෝගී කර ගන්නා බැවින් ස්පර්ශයකින් තොරව චලනය වන ලෝහ කොටස් වල කෝන අගයන් (𝑨𝒏𝒈𝒍𝒆) , දුර (𝑫𝒊𝒔𝒕𝒂𝒏𝒄𝒆) සහ වේගය (𝑺𝒑𝒆𝒆𝒅) වැනි සුවිශේෂ දත්තයන් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා මෙම වර්ගයේ සංවේදක මගින් චලනය වන කොටස් මත ඝර්ෂණයක් (𝑭𝒓𝒊𝒄𝒕𝒊𝒐𝒏) අඩංගු නොවීම, විඛාදනයට (𝑪𝒐𝒓𝒓𝒐𝒔𝒊𝒐𝒏) ලක් නොවීම සහ යාන්ත්‍රිකව (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍) සිදු වන අසාර්ථක වීම් බොහෝ දුරට ඉවත් කර ගැනීමට හැකි වීම සුවිශේෂ වාසී ලෙස දැක්විය හැකිය.





Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry