Diode

"𝑫𝒊" = 𝑻𝒘𝒐 සහ "𝑶𝒅𝒆" = 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆 එනම් 𝑨𝒏𝒐𝒅𝒆 "+" (𝒑) සහ 𝑪𝒂𝒕𝒉𝒐𝒅𝒆 "-" (𝒏)ලෙසින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රෝඩ දෙකක්‍ යොදා ගනිමින් නිර්මාණය කර ඇති විද්‍යුත් උපාංගයක් හෝ සංරචකයක් 𝘿𝙞𝙤𝙙𝙚 ලෙසින් හඳුන්වනු ලබයි.
    විද්‍යුත් බලය (Electric Force) එක් දිශාවකට පමණක් යොමු කල හැකි පරිද්දෙන් අග්‍ර දෙකක් සහිතව නිපදවා ඇති ඉලෙක්ට්‍රොනික උපාංග "Diode" ලෙසින් හැදින්වේ. අර්ධ සන්නයක (Semi-conductor) උපාංග පවුලේ පළමු සොයා ගැනීම ලෙසින් අර්ධ සන්නායක ඩයොඩ හඳුන්වා දිය හැකිය. පසු කාලයේ දී විවිධ වර්ගයේ විශේෂාංග සහ ලක්ෂණ වලින් සමන්විත වන පරිදි විවිධ වර්ගයේ ඩයෝඩ වර්ග නිර්මාණය කරන ලදි. අද වන විට බහුලව භාවිතා කරනු ලබන ඩයෝඩ වර්ගය ලෙසින් අර්ධ සන්නායක ඩයෝඩ හඳුන්වා දිය හැකිය.
   සාමාන්‍යයෙන් සිලිකන් දැලිසි භාවිතා කරමින් ඩයෝඩ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි. මේ සදහා අනිකුත් අර්ධ සන්නායක ද්‍රව්‍ය වන ජර්මේනියම් සහ ජර්මේනියම් ආසනික් ද භාවිතා කිරීම සිදු කරනු ලබයි.
     ඩයෝඩ (Diode) තුලින් සෑම විටම විද්‍යුත් ධාරා ප්‍රවාහයේ චලිතය එක් දිශාවකට පමණක් සිදු වන අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට විද්‍යුත් ධාරා ප්‍රවාහයේ චලිතය අවහිර කිරීම සිදු කරනු ලබයි. එසේ සිදු වන්නේ ඩයෝඩ තුල දී , එක දිශාවක දී අන්තර්ගත ප්‍රතිරෝධී අගය ඉතාමත් අවම (ශුන්‍යය අගයක්)  අගයක් ගන්නා අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙ දී අන්තර්ගත ප්‍රතිරෝධී අගය ඉහල අගය පරාසයක් (අනන්ත අගයක්) පෙන්නුම් කරනු ලබන නිසායි.

"𝑫𝒊" = 𝑻𝒘𝒐 𝗮𝗻𝗱 "𝑶𝒅𝒆" = 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆 𝗔𝗻 𝗲𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰𝗮𝗹 𝗱𝗲𝘃𝗶𝗰𝗲 𝗼𝗿 𝗰𝗼𝗺𝗽𝗼𝗻𝗲𝗻𝘁 𝗱𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗱 𝘂𝘀𝗶𝗻𝗴 𝘁𝘄𝗼 𝗲𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗱𝗲𝘀 𝗰𝗮𝗹𝗹𝗲𝗱 𝑨𝒏𝒐𝒅𝒆 "+" (𝒑) 𝗮𝗻𝗱 𝑪𝒂𝒕𝒉𝒐𝒅𝒆 "-" (𝒏) 𝗶𝘀 𝗰𝗮𝗹𝗹𝗲𝗱 𝗮 𝘿𝙞𝙤𝙙𝙚 .




Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry