Combustion Chamber

දහන කුටීරය ( combustion chamber ) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල පිහිටා ඇති සුවිශේෂී කොටසකි. එම කොටස තුල කුඩා අංශු වශයෙන් පවතින ඉන්ධන වාෂ්ප ඉතාමත් හොදින් වාතය සමගින් මිශ්‍ර වීම සිදු වේ. එම ඉන්ධන වාත මිශ්‍රණය නියත උෂ්ණත්වය කදී දහනය වීමත් සමගම වාත අවකාශය ප්‍රසාරණය වීමෙන් විශාල ශක්තියක් ජනනය වීම සිදු වේ. මුල් කාලයේ භාවිතා වූ වාෂ්ප එන්ජින් තුල අන්තර් ගත වූ ගිනි පෙට්ටිය ( fire box ) ලෙසින් හඳුන්වනු ලබන උපාංගයේ නව සංස්කරණයක් ලෙසින් IC Engine තුල පිහිටා ඇති දහන කුටීරය හඳුන්වා දිය හැකිය. ද්‍රව ඉන්ධන භාවිතා කරමින් බලය උත්පාදනය සිදු කර ගැනීම සදහා ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවකට භාජනය කිරීම සිදු කල යුතුය. මේ ක්‍රියාවලිය සුදුසු තත්ව යටතේ නිසියාකාරව සිදු කර ගැනීම සදහා නවීන මෝටර් රථ තුල අන්තර්ගත IC Engine වල පවා දහන කුටීරය භාවිතා කිරීම සිදු කෙරේ. අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමෙන් නිර්මාණය වන අධික පීඩන අවස්ථාව එන්ජිම තුල ඇති යාන්ත්‍රික කොටස් වෙත සෘජු බලයක් යෙදීම සිදු වේ. (උදාහරණයක් ලෙස පිස්ටන් භාවිතා කරනු ලබන තාප එන්...