Connecting rod
සම්භන්ධක දඩු (𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅) යනු පිස්ටන් යොදා ගනිමින් යාන්ත්‍රික ජවය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) නිපදවීම සිදු කර ගනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් තුල භාවිතා කරනු ලබන වැදගත් උපාංගයකි. මෙම 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 යොදා ගනිමින් පිස්ටන් එක හා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 උපාංගයන් දෙක එකිනෙක සම්බන්ධ කර ගනු ලබයි. මේ සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක මත ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒑𝒊𝒏 එක හා 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක මත ඇති 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එක උපයෝගී කර ගනී. 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මත ඇති 𝒔𝒎𝒂𝒍𝒍 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන කුඩා කෙළවර 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එකටත් 𝒃𝒊𝒈 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන විශාල කෙළවර 𝒄𝒓𝒂𝒏𝒌 𝒑𝒊𝒏 එක හා සම්බන්ධ වීම සිදු වේ.
.
.
" දඟර කද හා සවි වී පවතින 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මගින් පිස්ටන් (𝑷𝒊𝒔𝒕𝒐𝒏) එක මත සිදු වන ව්‍යාවර්ත චලිතය (𝒍𝒊𝒏𝒆𝒂𝒓 𝒎𝒐𝒕𝒊𝒐𝒏) දඟර කදෙහි භ්‍රමණ චලිතය (𝒓𝒐𝒕𝒂𝒓𝒚 𝒎𝒐𝒕𝒊𝒐𝒏) බවට පරිවර්තනය කිරීම සිදු ගනු ලබයි."
.
.
𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 භාවිතා කරමින් පොදුවේ අභ්‍යන්තර දහන එන්ජින් තුල ඇති සිලින්ඩර් බෝරය තුල 𝑷𝒊𝒔𝒕𝒐𝒏 එක ගමන් කරනු ලබන ඉහළතම ලක්ෂය (𝑻𝑫𝑪) සහ පහළතම ලක්ෂය (𝑩𝑫𝑪) න් හිදී ක්ෂණික හැරීමක් සමග යාන්ත්‍රික ශක්තිය දිගටම පවත්වා ගනිමින් 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 මත පිහිටා ඇති 𝒄𝒓𝒂𝒏𝒌 𝒑𝒊𝒏 මත ඒ වටා කරකැවීමට ඉඩ සලසයි.
.
𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 හි 𝑰-𝒃𝒆𝒂𝒎 හරස්කඩ කොටස නිපදවා ගැනීම සදහා බොහෝ විට 𝒇𝒐𝒓𝒈𝒆𝒅 𝒔𝒕𝒆𝒆𝒍 භාවිතා කරමින් සිදු කර ගනී. ඒ වගේම 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 නිපදවීම සදහා ඇළුමිනියම් මිශ්‍ර ලෝහ වැනි සවි ශක්තිමත් බවින් වැඩි සැහැල්ලු ලොහ වර්ග භාවිතා කිරීමද බහුලව සිදු කර ගනු ලබයි.
.
𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක වෙත ආතති සහ සම්පීඩක යන බල තෙරපුම් සම්ප්‍රේෂණය කිරීම 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 හරහා සිදු වේ. මේ නිසා මෙම 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 ඉතා ශක්තිමත් , දෘඩ සහ හැකි තරම් සැහැල්ලු ලෙසින් නිර්මාණය කර ගෙන ඇත.
.
𝑷𝒊𝒔𝒕𝒐𝒏 සහ 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 සැහැල්ලු වන තරමට එන්ජින් ප්‍රතිදාන බලය වැඩි කර ගත හැකි වේ. ඒ වගේම 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 මත ඇති වන ප්‍රත්‍යාවර්ත භාරය (𝒓𝒆𝒄𝒊𝒑𝒓𝒐𝒄𝒂𝒕𝒊𝒏𝒈 𝒘𝒆𝒊𝒈𝒉𝒕) අවම වන බැවින් එන්ජිම ක්‍රියා කිරීමේ දී ජනනය වන කම්පනයන (𝒗𝒊𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏) තත්වයන් අවම කර ගැනීමට ද හැකි වේ. තවද බහු සිලින්ඩර් සහිත් එන්ජින් වල 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එකෙහි සමතුලිත භාවය ආරක්ශා කර ගනිමින් ක්‍රියාත්මක වීමට නම් සමාන ස්කන්ධයකින් යුත් 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 කට්ටලයක් භාවිතා කිරීම අනිවාර්යයෙන් සිදු කර ගත යුතු වේ.
Comments
Post a Comment