mass air flow (MAF) sensor

   සංවේදකය අඩංගු කුටීරය තුලින් ගලා යනු ලබන වාත ප්‍රවාහයේ ප්‍රමාණයට (𝑨𝒎𝒐𝒖𝒏𝒕 𝒐𝒇 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘) ප්‍රතිචාර දක්වමින් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) වෙත දත්ත සැපයීම ස්කන්ධ වායු ප්‍රවාහ සංවේදකය (𝑴𝒂𝒔𝒔 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓) යොදා ගනිමින් සිදු කර ගනී. නමුත් මෙම සංවේදකය වාතයේ ඝනත්වය සදහා සංවේදී නොවේ.
   


   අභ්‍යන්තර දහන එන්ජින් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල පූර්ණ දහන අවස්ථාවක් සහතික කිරීම සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ගණනය කර ගැනීම සදහා වායු පරිභෝජන අගය මූලික පරාමිතීන්ගෙන් එකක් ලෙසින් හැදින් වේ. මේ නිසා එන්ජින් සදහා අවශ්‍ය කරනු ලබන ස්ථීර නොවූ වාත පිරිවැයක අගය ප්‍රමාණාත්මක ව මැන ගැනීමට මෙන්ම වායූන් භාවිතා වන බොහෝ පද්ධති වල පරිමා පරිභෝජනය වන වාත ප්‍රමාණය මැන ගැනීම සදහා 𝑴𝑨𝑭 𝑺𝒆𝒏𝒔𝒐𝒓 යොදා ගනු ලබයි. වායු ප්‍රවාහය එන්ජිම තුලට උරා ගන්නා නල මාර්ගයේ 𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒗𝒂𝒍𝒗𝒆 නමින් හඳුන්වනු ලබන උපාංගයට පෙර හා වායු පෙරනයට (𝑨𝒊𝒓 𝑪𝒍𝒆𝒂𝒏𝒆𝒓) පසුව මෙම 𝑴𝑨𝑭 𝒔𝒆𝒏𝒔𝒐𝒓 අඩංගු කුටීරය ස්ථාන ගත කර පවතී. 





𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗠𝗔𝗣 𝗦𝗲𝗻𝘀𝗼𝗿


1️⃣𝘿𝙚𝙥𝙚𝙣𝙙𝙞𝙣𝙜 𝙤𝙣 𝙩𝙝𝙚 𝙩𝙮𝙥𝙚 𝙤𝙛 𝙘𝙤𝙣𝙨𝙩𝙧𝙪𝙘𝙩𝙞𝙤𝙣:

     මෝටර් රථ නිෂ්පාදකයන් විසින් තම නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහල නංවාලීමේ අරමුණින් යුතුව විවිධාකාර ලෙසින් මෙම 𝑴𝒂𝒔𝒔 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓 - 𝑴𝑨𝑭 සංවේදකය සැලසුම් කර නිර්මාණය කර ගෙන තිබේ. මේ අනුව ප්‍රධාන වශයෙන් 𝑴𝑨𝑭 සංවේදක ආකාර තුනක් පවතී.




𝟏.𝐕𝐚𝐧𝐞 𝐌𝐞𝐭𝐞𝐫 𝐓𝐲𝐩𝐞 𝐌𝐀𝐅 𝐒𝐞𝐧𝐬𝐨𝐫 
      
    මෙම වර්ගයේ 𝑴𝑨𝑭 සංවේදක භාවිතා කරමින් එන්ජිම තුලට උරා ගනු ලබන වායු ප්‍රවාහයේ පරිමාව (𝒍/𝒉) මැන ගැනීම සිදු කර ගනු ලබයි. මෙම වර්ගයේ වේන් මීටර් සංවේදක 𝑽𝑨𝑭 සහ 𝑳𝑴𝑴 ලෙස ද හඳුන්වනු ලබයි.
𝑽𝒂𝒏 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓 (𝑽𝑨𝑭)
𝑳𝒖𝒇𝒕 𝑴𝒂𝒔𝒔𝒆𝒏 𝑴𝒆𝒔𝒔𝒆𝒓 (𝑳𝑴𝑴)



𝟐.𝐇𝐨𝐭 𝐖𝐢𝐫𝐞 𝐓𝐲𝐩𝐞 𝐌𝐀𝐅 𝐒𝐞𝐧𝐬𝐨𝐫 
     
   මෙම වර්ගයේ 𝑴𝑨𝑭 සංවේදක භාවිතා කරමින් එන්ජිම තුලට උරා ගනු ලබන වායු ප්‍රවාහයේ ස්කන්ධය (𝒌𝒈/𝒉) මැන ගැනීම සිදු කර ගනු ලබයි. මෙම 𝑯𝒐𝒕 𝑾𝒊𝒓𝒆 වර්ගයේ සංවේදක 𝑯𝑳𝑴 ලෙස ද හඳුන්වනු ලබයි.
𝑯𝒐𝒕 𝑾𝒊𝒓𝒆 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑴𝒆𝒕𝒆𝒓 (𝑯𝑳𝑴)




𝟑.𝐇𝐨𝐭 𝐅𝐢𝐥𝐦 𝐓𝐲𝐩𝐞 𝐌𝐀𝐅 𝐒𝐞𝐧𝐬𝐨𝐫 

   මෙම වර්ගයේ 𝑴𝑨𝑭 සංවේදක භාවිතා කරමින් එන්ජිම තුලට උරා ගනු ලබන වායු ප්‍රවාහයේ ස්කන්ධය (𝒌𝒈/𝒉) මැන ගැනීම සිදු කර ගනු ලබයි. මෙම 𝑯𝒐𝒕 𝑭𝒊𝒍𝒎 වර්ගයේ සංවේදක 𝑯𝑭𝑴 ලෙසින් හඳුන්වනු ලබයි.
𝑯𝒐𝒕 𝑭𝒊𝒍𝒎 𝑺𝒆𝒏𝒔𝒐𝒓 (𝑯𝑭𝑴)




2️⃣𝘼𝙘𝙘𝙤𝙧𝙙𝙞𝙣𝙜 𝙩𝙤 𝙩𝙝𝙚 𝙥𝙧𝙞𝙣𝙘𝙞𝙥𝙡𝙚 𝙤𝙛 𝙤𝙥𝙚𝙧𝙖𝙩𝙞𝙤𝙣 𝙖𝙧𝙚:

  එන්ජිම ක්‍රියාකිරීමේදී පරිභෝජනය කරනු ලබන වාත ප්‍රමාණය සංවේදකය හරහා ගලා ගලා යන විට ඊට අනුකූලව ක්‍රියා කරමින් , සංවේදකය මගින් විද්‍යුත් සංඥා ජනනය විය හැකි ලෙසින් නිර්මාණය කර ගෙන පවතී. මෙලෙස වෝල්ටීයතා සංඥා ජනනය වන ආකාරය අනුව MAF සංවේදක ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කිරීම සිදු කර ඇත.



𝟏. මෙම ආකාරයේ සංවේදක මත සිදු වන වායු පරිභෝජන ප්‍රමාණය අනුව , සංවේදකය මගින් ඇනලොග් ආකාරයේ විද්‍යුත් සංඥාවක් ජනනය වීම සිදු වේ. මෙලෙස ලැබෙන ඇනලොග් විද්‍යුත් සංඥාව ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය වෙත යොමු කරමින් අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය සිදු කර ගනී.

      𝑬𝒈:- 𝑽𝑨𝑭 𝑺𝒆𝒏𝒔𝒐𝒓 
              𝑯𝒐𝒕 𝑾𝒊𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓
 



𝟐. සංවේදකයේ වායු පරිභෝජනය අනුව සංවේදකය මගින් සංඛ්‍යාත ආකාරයේ හෝ 𝒅𝒖𝒕𝒚 𝒄𝒚𝒄𝒍𝒆 ආකාරයේ ප්‍රතිදාන විද්‍යුත් සංඥා ජනනය වීම සිදු වේ. එනම් මෙම වර්ගයේ සංවේදක මගින් වායු ප්‍රවාහයට අනුකූලව ඩිජිටල් ආකාරයේ විද්‍යුත් ස්පන්දන ජනනය කර ගැනීම සිදු කර ලැබෙන සංඥා වෝල්ටීයතා දත්ත ආකාරයෙන් ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය වෙත යොමු කිරීම සිදු කර ගනී.

     𝑬𝒈:- 𝑯𝑭𝑴 𝑺𝒆𝒏𝒔𝒐𝒓



𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗣𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗮𝗹 𝗼𝗳 𝘁𝗵𝗲 𝗠𝗔𝗙 𝗦𝗲𝗻𝘀𝗼𝗿 

𝟏 ) 𝐡𝐨𝐭 𝐰𝐢𝐫𝐞 𝐭𝐲𝐩𝐞 𝐦𝐚𝐬𝐬 𝐚𝐢𝐫 𝐟𝐥𝐨𝐰 𝐬𝐞𝐧𝐬𝐨𝐫 
     අභ්‍යන්තර දහන එන්ජින් සිලින්ඩර් තුලට අවශෝෂණය කර ගනු ලබන වාත ප්‍රමාණය සංවේදනය කර ගැනීම සදහා උණුසුම් රැහැන් (𝑯𝒐𝒕 𝒘𝒊𝒓𝒆) කොටසක් භාවිතා කරන බැවින් මෙම සංවේදකය 𝒉𝒐𝒕 𝒘𝒊𝒓𝒆 𝒕𝒚𝒑𝒆 𝒎𝒂𝒔𝒔 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘 𝒔𝒆𝒏𝒔𝒐𝒓 නමින් හඳුන්වනු ලබයි. මෙහි දී උණුසුම් රැහැන් කොටස සඳහා 𝟕𝟎𝐮𝐦 ප්‍රමාණයේ විශ්කම්භයක් සහිත ප්ලැටිනම් ලෝහ කම්බි කොටසක් ගෙන විශේෂිත සංවේදක කුටීරයක් තුලට අන්තර්ගත කර ගනිමින් 𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒗𝒂𝒍𝒗𝒆 උපාංගයට පෙර ස්ථානයකින් චූෂණ වාතය ගමන් කරන නලය තුලට සවි කර ගෙන පවතී.
    𝑯𝒐𝒕 𝒘𝒊𝒓𝒆 𝒕𝒚𝒑𝒆 𝒎𝒂𝒑 𝒔𝒆𝒏𝒔𝒐𝒓 හි සංවේදන ක්‍රියාකාරිත්වය නියත උෂ්ණත්ව මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාවලිය නිසි පරිදි සිදු කර ගැනීම සඳහා 𝒉𝒆𝒂𝒕𝒆𝒅 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටස එන්ජින් වායු ප්‍රවාහයේ විශාල ප්‍රමාණයකට නිරාවරණය වන පරිදි ස්ථාන ගත කර ගනිමින් සකසා ගෙන ඇත. මෙලෙස එන්ජිම තුලට අවශෝෂණය කර ගනු ලබන චූෂණ වායු ප්‍රවාහයට නිරාවරණය වීම නිසා රත් වූ 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසෙහි තාප වෙනසක් ඇති වීම සිදු වේ. මෙලෙස 𝒉𝒆𝒂𝒕𝒆𝒅 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටස මත සිදු වන තාප වෙනස් වීමට සාපේක්ෂව එම 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසේ අඩංගු ප්‍රතිරෝධී අගයේ වෙනස් වීමක් සිදු වේ. 𝑷𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසෙහි සිදු වන ප්‍රතිරෝධී වෙනස මැන ගැනීම සඳහා 𝑷𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසෙහි දෙපස පිහිටා ඇති නිදහස් අග්‍රයන් විල්ස්ටන් සේතුවකට (𝑾𝒉𝒆𝒂𝒕𝒔𝒕𝒐𝒏𝒆 𝒃𝒓𝒊𝒅𝒈𝒆) සම්බන්ධ කර ගෙන පවතී. එන්ජින් සිලින්ඩර් තුලට අවශෝෂණය කර ගනු ලබන වාත ප්‍රවාහය මගින් රත් වූ 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටස සිසිල් කරන අතරතුර පරිපථය හරහා ගලා යනු ලබන විද්‍යුත් ධාරාව වැඩි කිරීම හෝ අඩු කිරීම මගින් 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසෙහි උෂ්ණත්වය ආසන්න වශයෙන් 𝟏𝟎𝟎°𝐂 නියත උෂ්ණත්වයක පවත්වා ගැනීම සිදු කරයි. 
    එන්ජින් සිලින්ඩර් තුලට අවශෝෂණය කර ගනු ලබන චූෂණ වාත ප්‍රමාණය වැඩි වන තරමට ප්ලැටිනම් රැහැන් කොටස සිසිල් වන ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ප්ලැටිනම් රැහැන් කොටසේ අඩංගු විද්‍යුත් ප්‍රතිරෝධී අගයේ අඩු වීමක් සිදු වේ. මේ නිසා විල්ස්ටන් ප්‍රතිරෝධක සේතුවෙහි (𝑾𝒉𝒆𝒂𝒕𝒔𝒕𝒐𝒏𝒆 𝒓𝒆𝒔𝒊𝒔𝒕𝒐𝒓 𝒃𝒓𝒊𝒅𝒈𝒆) නිර්මාණය වන අසමමිතිකභාවය හේතුවෙන් 𝒉𝒐𝒕 𝒘𝒊𝒓𝒆 𝒕𝒚𝒑𝒆 𝒎𝒂𝒔𝒔 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘 𝒔𝒆𝒏𝒔𝒐𝒓 අඩංගු පරිපථ කොටස තුල කුඩා වෝල්ටීයතා වෙනසක් නිර්මාණය වීම සිදු වේ. මෙම වෝල්ටීයතා වෙනස විද්‍යුත් සංඥාවක් ලෙසින් ඇම්ප්ලිපයර් පරිපථයක් වෙත යොමු කර එම විද්‍යුත් සංඥාව වර්ධනය කර ගනිමින් ඒ අනුව 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටසේ උෂ්ණත්වය ඉහළ නංවා ගැනීමට යොමු වෙයි. සන්නායකයේ අන්තර්ගත උෂ්ණත්වය සහ ප්‍රතිරෝධය යන සාධකයන් පද්ධතියෙහි සමතුලිතතාවය කෙරෙහි බලපෑමක් ඇති නොවන තෙක් මෙම ක්‍රියාවලිය දිගටම සිදු වේ. මේ සදහා 𝟎.𝟓𝐀 – 𝟏.𝟐𝐀 පරාසයක විද්‍යුත් ධාරා ප්‍රමාණයක් අවශ්‍ය වේ. 
    මෙලෙස 𝒑𝒍𝒂𝒕𝒊𝒏𝒖𝒎 𝒘𝒊𝒓𝒆 කොටස සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් ධාරා ප්‍රවාහය ක්‍රමාංකන ප්‍රතිරෝධකය නමින් හඳුන්වනු ලබන විශේෂිත ප්‍රතිරෝධකයක් හරහා යොමු කරනු ලබයි. මෙම ක්‍රමාංකන ප්‍රතිරෝධකය දෙපස නිර්මාණය වන වොල්ටීයතා වෙනස් වීම අනුව එන්ජින් පාලන ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒎𝒐𝒅𝒖𝒍𝒆) මගින් දහන සිලින්ඩර් වෙත ඉන්ජෙක්ට් කල යුතු ඉන්ධන ප්‍රමාණය ගණනය කිරීම සිදු කරනු ලබයි. 
   එන්ජිම ක්‍රියාත්මක වන කාල පරාසය අතර තුළ සංවේදී ප්ලැටිනම් ලෝහ කොටස මත අපද්‍රව්‍ය තැන්පත් වීම සිදු වීම නිසා සංවේදීතාවයට බාධා මතු විය හැකි ය. මෙලෙස සිදු වන අපද්‍රව්‍ය තැන්පත් වී සංවේදී රැහැන් කොටස දූෂණය වීම වළක්වා ගැනීම සඳහා එන්ජිම ක්‍රියා විරහිත කල පසු එම සංවේදී රැහැන් කොටස තප්පර එකක කාල පරාසයක් තුල දී 𝟏𝟎𝟎𝟎°𝐂 උෂ්ණත්වයකට රත් කර ගනු ලබයි. මේ නිසා සංවේදී රැහැන් කොටස මත පවතින සියළුව අපද්‍රව්‍ය දැවී විනාශ වී යාම සිදු වේ. මෙම ක්‍රියාවලිය පරිගණක පාලන ඒකකය (𝒐𝒏𝒃𝒐𝒂𝒓𝒅 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍𝒍𝒆𝒓) හරහා ඉතාමත් නිවැරදි ආකාරයෙන් සාර්ථකව පාලනය කිරීම සිදු කරයි. 



Comments

  1. පට්ට වටිනව මේ ටික නම්🖤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry