Engine Piston

 




   පිස්ටන් (Piston) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල අන්තර් ගත වන ප්‍රධානතම උපාංගයකි. පිස්ටන් මගින් සිදු කර ගනු ලබන ප්‍රධානතම කාර්‍යය ලෙසින්, දහන කුටීරය (Ignition chamber) තුල අඩංගු ඉන්ධන වාත මිශ්‍රණය දහන ක්‍රියාවලියට ලක් වීමෙන් පිස්ටන් මත ජනනය වන පීඩන බලය උපකාරී කර ගනිමින් දගරකද චලනය කිරීමට අවශ්‍ය බලය බවට පරිවර්තනය කිරීම හැදින්විය හැකිය.  මගී වාහන සදහා භාවිතා කරනු ලබන එන්ජින් සදහා ඇළුමිනියම් මිශ්‍ර ලෝහ භාවිතා කරමින් නිර්මාණය කර ඇති පිස්ටන් භාවිතා කරන අතර වාණිජ වාහන වල එන්ජින් සදහා වානේ සහ වාත්තු යකඩ යොදා ගනිමින් නිර්මාණය කර ඇති පිස්ටන් භාවිතා කරනු ලබයි.

පිස්ටන් යනු දගරකද ධාවකයේ (Crankshift drive) එහෙමත් නැත්තන් දගරකද යන්ත්‍රණයෙහි (Crank mechanism) අඩංගු වන ප්‍රධානතම උපාංගයකි. එය පහත සදහන් උපාංග යොදා ගනිමින් දගරකද (Crankshaft) හා සම්බන්ධ කර පවතී.

• Piston 
• Piston Rings 
• Connecting Rod
• Crankshaft 





Secondary Engine Function  Fulfilled by the Piston:                                       

   අභ්‍යන්තර දහන එන්ජිම සතු පිස්ටන් මගින් ප්‍රධානතම කාර්යය භාරයට අමතරව පහත දැක්වෙන පරිදි ද්විතීයික එන්ජින් කාර්‍යයන් රැසක් ඉටු කරනු ලබයි. ඒවා නම්; 

⚡𝗛𝗲𝗮𝘁 𝗱𝗶𝘀𝘀𝗶𝗽𝗮𝘁𝗶𝗼𝗻 - ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමේදී ජනනය වන තාපය විසුරුවා හැරීම.

⚡𝗦𝗲𝗮𝗹𝗶𝗻𝗴 𝗼𝗳 𝘁𝗵𝗲 𝗰𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗰𝗵𝗮𝗺𝗯𝗲𝗿 - දහන කුටීරය ඉතාමත් හොදින් මුද්‍රා වීම සහතික කරයි. එනම් දහන කුටීරයෙන් පිටතට ඉන්ධන වාත මිශ්‍රිත වායූන් කාන්දු වීම සහ දහන කුටීරය තුලට ලිහිසි තෙල් පැමිණීම වළක්වයි. 

⚡ 𝗠𝗼𝘃𝗲𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗿𝗼𝗱 - පිස්ටන් එක හා සම්බන්ධ වී පවතින සම්භන්දක දන්ඩ අවස්ථානුකූලව සුදුසු පරිදි චලනය වීමේ අවස්ථාව සකසා දෙනු ලබයි.

⚡𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 𝗰𝗵𝗮𝗿𝗴𝗲 𝗼𝗳 𝗴𝗮𝘀𝗲𝘀 - දහන කුටීරය තුල අන්තර්ගත ඉන්ධන වාත මිශ්‍රණයේ අඛණ්ඩ වෙනස් වීම දහන චක්‍රයට අනුකූලව සහතික කරනු ලබයි.

⚡ 𝗩𝗮𝗿𝗶𝗮𝗯𝗹𝗲𝘀 𝗩𝗼𝗹𝘂𝗺𝗲 - දහන චක්‍රයේ අවස්ථාවන්ට අනුකූලව දහන කුටීරයේ පරිමාව සකසා ගැනීම සිදු කරයි.

𝐇𝐞𝐚𝐭 𝐝𝐢𝐬𝐬𝐢𝐩𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐜𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐞𝐧𝐠𝐢𝐧𝐞......










Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry