Engine capacity (cc):




  අභ්‍යන්තර දහන එන්ජිමක පවතින එන්ජින් ධාරිතාවය හෝ පරිමාව මැනීම සදහා මෙට්‍රික් ඒකකය ලෙසින් ඝන සෙන්ටිමීටර "සරලව 𝒄𝒎3" භාවිතා කරමින් සිදු කර ගන්නා අතර එය 𝒄𝒄 අක්ෂර භාවිතයෙන් නිරූපණය කර ගනු ලබයි. 1𝒄𝒎3 එකක් යනු පිළිවලින් දිග, උස, පළල 1𝒄𝒎 × 1𝒄𝒎 × 1𝒄𝒎 බැගින් වූ ඝනකයක අන්තර්ගත වන පරිමා ප්‍රමාණය ලෙසින් හැදින්වේ.

    අභ්‍යන්තර දහන එන්ජිමක් ක්‍රියාත්මක වන විට , එන්ජිමේ සම්පූර්ණ චක්‍රයක් තුල දී සිලින්ඩර් බෝරය තුල ඇති පිස්ටන් එක 𝑻𝒐𝒑 𝒅𝒆𝒂𝒅 𝒄𝒆𝒏𝒕𝒆𝒓 (𝑻𝑫𝑪) සිට 𝑩𝒐𝒕𝒕𝒐𝒎 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒓𝒆 (𝑩𝑫𝑪) දක්වා ගමන් කිරීම එහෙමත් නැත්තම් විස්ථාපනය වීම එන්ජින් විස්ථාපනය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒎𝒆𝒏𝒕) ලෙසින් හැදින් වේ. එනම් එන්ජිම තුල ඇති සිලින්ඩර් බෝරය මත පිස්ටන් මගින් ඇති කරනු ලබන පරිමා අවකාශය "එන්ජින් විස්ථාපනය" (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒎𝒆𝒏𝒕) නමින් සරලව හඳුන්වනු ලබන අතර එය ප්‍රමාණාත්මක ලෙසින් 𝑪𝑪 භාවිතා කරමින් නිරූපණය කරනු ලබයි.

   සමහර අවස්ථාවන් වල දී මෝටර් රථ නිෂ්පාදකයන් විසින් , ඝන සෙන්ටිමීටර ඒකකය මගින් ලැබෙන ඉහල පරිමාවක් සහිත අගයන් ඊට අනුරූපී ලීටර් අගයන් බවට පරිවර්තනය කර දැක්වීම සිදු කර ගනු ලබයි. එනම් , එන්ජින් ධාරිතාවය 1000𝑪𝑪 ලෙසින් හෝ 1000 𝑪𝒖𝒃𝒊𝒄 𝑪𝒆𝒏𝒕𝒊𝒎𝒆𝒕𝒓𝒆𝒔 ලෙසින් සදහන් කර ඇති අවස්ථාවක එම එන්ජින් ධාරිතාව යම ලීටර් වලින් 1𝑳𝒊𝒕𝒕𝒆𝒓 ලෙසින් ද දැක්විය හැකිය.




𝑭𝒐𝒓 𝒆.𝒈.
         1000𝒄𝒄 = 1000𝒄𝒎3 = 1 𝑳𝒊𝒕𝒕𝒆𝒓
          1 𝑳𝒊𝒕𝒕𝒆𝒓 = 1.0 𝑳

ඒ හා සමාන වම,
        800𝒄𝒄 = 800𝒄𝒎3 = 0.8 𝑳𝒊𝒕𝒕𝒆𝒓
        0.8 𝑳𝒊𝒕𝒕𝒆𝒓 = 0.8 𝑳

   පහත දැක්වෙන සූත්‍රය භාවිතා කරමින් එන්ජින් පරිමාව එහෙමත් නැත්නම් එන්ජින් ධාරිතාවය ගණනය කර ගැනීම සිදු කරයි.



  𝗩= π/𝟰 × (𝗗)𝟮 × 𝗛 × 𝗡


ඉහත සදහන් සූත්‍රයේ,
           𝗩 = 𝗩𝗼𝗹𝘂𝗺𝗲
           𝗗 = 𝗕𝗼𝗿𝗲 𝗗𝗶𝗮𝗺𝗲𝘁𝗲𝗿
           𝗛 = 𝗦𝘁𝗿𝗼𝗸𝗲 𝗟𝗲𝗻𝗴𝘁𝗵
           𝗡 = 𝗡𝗼 𝗼𝗳 𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿



      එන්ජිම මගින් සම්පූර්ණ දහන චක්‍ර අවස්ථාවක් ක්‍රියාත්මක වීමේ දී (එනම් 2 𝒔𝒕𝒓𝒐𝒌𝒆 එන්ජිමක් නම් දඟරකද එක් වටයක් භ්‍රමණය වීමේ දී සහ 4 𝒔𝒕𝒓𝒐𝒌𝒆 එන්ජිමක් නම් දඟරකද වට දෙකක් භ්‍රමණය වීමේ දී ) , සලකනු ලබන එන්ජිමෙහි අන්තර්ගත එක් එක් සිලින්ඩරය සදහා පුරවා ගනු ලබන පරිමාවන්ගේ එකතුව එම එන්ජිමේ සමස්ත පරිමාව එහෙමත් නැතිනම් ධාරිතාවය ලෙසින් හැදින් වේ. 

   උදාහරණයක් ලෙස , සිලින්ඩර් හතරක් සහිත එන්ජිමක ධාරිතාවය 1000𝒄𝒄 ලෙසින් හෝ 1.0 𝑳 ලෙසින් සටහන් කර ඇතයි සිතමු. මෙහිදී වාතය ( හෝ ඉන්ධන වාත මිශ්‍රණය ) 1000𝒄𝒄 හෝ 1.0𝑳 පරිමාවක් එන්ජිම තුල ඇති සිලින්ඩර් හතර තුලට පුරවා ගැනීම සිදු වේ. 

    ඉහත පරිදිම 1000𝒄𝒄 ලෙසින් හෝ 1.0𝑳 ලෙසින් සටහන් කර ඇති තනි සිලින්ඩර් සහිත එන්ජින් එකක් තුලට , ඉහත සදහන් ධාරිතාවයට සමාන ධාරිතාවෙන් යුත් වාතය ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම සිදු වේ.

   ලොව පළමු මෝටර් රථය ලෙසින් හැදින්වෙන 𝑴𝒆𝒓𝒄𝒆𝒅𝒆𝒔 - 𝑩𝒆𝒏𝒛 𝑴𝒐𝒕𝒆𝒓𝑾𝒂𝒈𝒆𝒏 රථය සදහා 1.0𝑳 (නිශ්චිතවම 954𝒄𝒄 ධාරිතාවයක්) ධාරිතාවයකින් සමන්විත තනි සිලින්ඩර් එන්ජිමකින් සමන්විත විය.


𝑴𝒆𝒓𝒄𝒆𝒅𝒆𝒔 - 𝑩𝒆𝒏𝒛 𝑴𝒐𝒕𝒆𝒓𝑾𝒂𝒈𝒆𝒏




𝗛𝗼𝘄 𝗘𝗻𝗴𝗶𝗻𝗲 𝗖𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝘀 𝗺𝗶𝗹𝗲𝗮𝗴𝗲:


  දහනයට අවශ්‍ය කරනු ලබන ඔක්සිජන් සහිත වාතය හෝ ඉන්ධන වාත මිශ්‍රණය පුරවා ගැනීම සදහා එන්ජින් සිලින්ඩරයන් තුල නිර්මාණය කර ඇති අභ්‍යන්තර අවකාශය සිලින්ඩර් පරිමාව, සිලින්ඩර් ධාරිතාවය හෝ 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒎𝒆𝒏𝒕 යන විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. සලකනු ලබන අභ්‍යන්තර දහන එන්ජිමෙහි එන්ජින් ධාරිතාවය අනුව අදාළ එන්ජිමෙහි ප්‍රතිදාන බලය, ව්‍යාවර්තය හා වේගය වැනි අත්‍යවශ්‍ය එන්ජින් සාධක තීරණය වෙයි. එය ජලය පුරවා තබා ගැනීමට භාවිතා කරන කිසියම් භාජනයකට සමාන යැයි සිතන්න. මෙම භාජනය විශාල වන තරමට එයට වැඩි ජල ප්‍රමාණයක් පුරවා ගත හැකි වේ. 


   මෙලෙස , වැඩි එන්ජින් පරිමාවක් හෝ ධාරිතාවයක් ඇති එන්ජින් සිලින්ඩර් තුලට ඔක්සිජන් අඩංගු වාතය හෝ ඉන්ධන-වාත මිශ්‍රණ වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම සිදු කරයි. මේ නිසා එන්ජින් සිලින්ඩර් තුල අන්තර්ගත වායු පරිමාවේ වර්ධනය වීමට සාපේක්ෂව ඉන්ධන පද්ධතිය මගින් සිලින්ඩර් තුලට සපයනු ලබන ඉන්ධන ප්‍රමාණයද සමානුපාතිකව වැඩි කර ගනී. එබැවින් , දහනය සදහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් එන්ජින් සිලින්ඩර් වෙත සැපයීම සිදු වන බැවින් එන්ජිම මගින් ජනනය වන යාන්ත්‍රික ශක්ති ප්‍රමාණය ද වැඩි වේ. ඒ අනුව සාම්ප්‍රදායික ලෙසින් සැලසුම් කර ඇති අභ්‍යන්තර දහන එන්ජිමක ප්‍රතිදාන බලය (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝑷𝒐𝒘𝒆𝒓) එම එන්ජිමෙහි ධාරිතාවයට (𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) සෘජු වම සමානුපාතික වේ. 𝑪𝒉𝒆𝒗𝒓𝒐𝒍𝒆𝒕 9.3𝑳 𝑽8 𝒄𝒓𝒂𝒕𝒆 එන්ජිම මෝටර් රථ සදහා යොදා ගනු ලබන ලොව විශාලතම ධාරිතාවයක් සහිත එන්ජින් වලින් එකකි.
𝑪𝒉𝒆𝒗𝒓𝒐𝒍𝒆𝒕 9.3𝑳 𝑽8 𝒄𝒓𝒂𝒕𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 



   අභ්‍යන්තර දහන එන්ජිමකට වැඩිපුර ඉන්ධන සැපයීම මගින් එම එන්ජිමෙහි බලය සහ ඉන්ධන පරිභෝජනය වැඩි කරයි. මේ නිසා එන්ජින් සිලින්ඩර් වල පරිමාව වැඩි වන විට බලශක්ති නිෂ්පාදනය ද වැඩි වේ. නමුත් අවසානයේ දී නිශ්චිත ඉන්ධන පරිමාවකින් මෝටර් රථය ධාවනය කල හැකි දුර ප්‍රමාණය (𝒎𝒊𝒍𝒆𝒂𝒈𝒆) අවම වේ. මේ නිසා සාම්ප්‍රදායික සැලසුම් අනුව නිර්මාණය කර ඇති අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථ මගින් නිශ්චිත ඉන්ධන ප්‍රමාණයකට ධාවනය විය හැකි දුර ප්‍රමාණය ප්‍රතිලෝමව සමානුපාතික වේ. මෝටර් රථ නිශ්පාදකයන් විසින් අභ්‍යන්තර දහන එන්ජින් වල කාර්යසාධන හැකියාව (𝒑𝒆𝒓𝒇𝒐𝒓𝒎𝒂𝒏𝒄𝒆) සහ කර්‍යක්ශමතාවය (𝒆𝒇𝒇𝒊𝒄𝒊𝒆𝒏𝒄𝒚) ඉහල දමා ගැනීමේ අරමුණින් යුතුව එන්ජින් ප්‍රතිදාන බලය සහ නිශ්චිත ඉන්ධන ප්‍රමාණයකට ධාවනය විය හැකි දුර ප්‍රමාණය අතර සමතුලිතතාවයක් පවත්වා ගනිමින් අදාල අභ්‍යන්තර දහන එන්ජින් යාවත්කාලීන කිරීම සිදු කරයි.



𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚
                          
                                   ²⁰²²/⁰⁸/¹³

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry