Automotive Battery

මෝටර් රථ එන්ජිම පණගැන්වීම (𝑪𝒓𝒂𝒏𝒌𝒊𝒏𝒈) සදහා අවශ්‍ය කරනු ලබන මූලික කරකැවීම් බලය 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකක් භාවිතයෙන් ලබා දෙනු ලබයි. මෙම 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 ය කරකැවීම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සපයා ගැනීම සදහා මූලික වශයෙන් මෝටර් රථය තුල 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 යක් අන්තර්ගත කර පවතී. විශේෂයෙන්ම මෙම වර්ගයේ මෝටර් රථ 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 නැවත ආරෝපණය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය කර පවතී. බැටරිය තුල එන්ජිම පණගැන්වීම සදහා 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකට අවශ්‍ය වන විද්‍යුත් බලයට අමතරව , එන්ජිම පණගැන්වීමට සදහා අවශ්‍ය අනිකුත් පද්ධති සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බල ධාරිතාවයක් පැවතිය යුතු ය. එනම් , ප්‍රධාන වශයෙන් දහන කුටීර (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල අන්තර්ගත ඉන්ධන වාත මිශ්‍රණය දල්වාලීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය මගින් සපයනු ලබයි. මෝටර් රථ තුල මෙවැනි 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 අන්තර්ගත කිරීමේ ද්වීතික කාර්යය ලෙසින් , මෝටර් රථ තුල පවතින අනිකුත් විද්‍යුත් උපාංගයන් සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම පෙන්වා දිය හැකි ය....