Posts

School Term Test Result Sheet Generator

Shool Term Test Result Sheet Generator v2.4 School Term Test Result Sheet Enter Details Examination : Select Examination O/L Term Test Term : Select Term 1st Term 2nd Term 3rd Term School : c.toUpperCase())"> Year : Student Name : Grade / Class : Index Number : Student Photo : 📄 Generate PDF 📥 Download PDF 🖨 Print Preview 🗑 Clear Data DEPARTMENT OF EXAMINATIONS Examination: Name: Grade: Index Number: School: Year: Student Photo Subject Code Subject Name Grade Marks ...

On-Bord Diagnostic System

 On-Bord Diagnostic System   𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝗻-𝗯𝗼𝗮𝗿𝗱 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝘁𝗶𝗰 𝗢𝗕𝗗 𝘀𝘆𝘀𝘁𝗲𝗺       𝑶𝒏 𝑩𝒐𝒂𝒓𝒅 𝑫𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 (𝑶𝑩𝑫 𝒔𝒚𝒔𝒕𝒆𝒎) පද්ධතිය යනු මෝටර් රථ වල ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම දුර්වල ධාවන තත්වයන් ඇතුළු මෝටර් රථයේ වැදගත් පද්ධතීන් තුල ඇති වන රෝග විනිශ්චය කිරීම සඳහා මෝටර් රථය තුල පවතින සියළුම පද්ධතීන් ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද පද්ධතියකි. එය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ අක්‍රමිකතා හඳුනා ගනිමින් එම අක්‍රමිකතා වාර්තා කිරීමටත්, විය හැකි දෝෂ හඳුනා ගැනීමට සහ අදාළ දෝෂ නිරාකරණය කරමින් අලුත්වැඩියාවන් සඳහා සහය දැක්වීමටයි.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සහිත නවීන මෝටර් රථ මගින් නිකුත් කරනු ලබන විෂ සහිත පිටාර වායු විමෝචනය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 𝒆𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) අවම කිරීම සඳහා ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද පද්ධතීන් සහ සංරචක මෝටර් රථය තුල අඩංගු කර පවතී. මෙම පද්ධති සහ සංරචක පොදුවේ වායු විමෝචන පාලක පද්ධතිය යන නමින් හඳුන්වනු ලබයි. මෙම ...

OBD-2 Explaned

OBD-2 Explaned In this Article What is OBD-2? The OBD-2 Connector OBD-2 vs CanBus History & Future PIDs & row frames How to log OBD data? OBD-2 logging us case Examples What is OBD-2 ? _ Go back The OBD-2 Connector _ Go back OBD-2 vs CanBus _ Go back History & Future _ Go back PIDs & row frames _ Go back How to log OBD data? _ Go back OBD-2 logging us case Examples _ Go back

Piston and Cylinder Geometry

Image
    𝗜𝗩 – 𝐢𝐧𝐭𝐚𝐤𝐞 𝐯𝐚𝐥𝐯𝐞 𝗘𝗩 – 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐯𝐚𝐥𝐯𝐞 𝗧𝗗𝗖 – 𝐭𝐨𝐩 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕𝗗𝗖 – 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕 – 𝐜𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 𝐛𝐨𝐫𝐞 𝗦 – 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐬𝐭𝐫𝐨𝐤𝐞 𝗥 – 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐫𝐨𝐝 𝐥𝐞𝐧𝐠𝐭𝐡 𝗔 – 𝐜𝐫𝐚𝐧𝐤 𝐫𝐚𝐝𝐢𝐮𝐬 (𝐨𝐟𝐟𝐬𝐞𝐭) 𝗫 – 𝐝𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐛𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝐭𝐡𝐞 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐱𝐢𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐩𝐢𝐧 𝐚𝐱𝐢𝐬 Θ – 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐧𝐠𝐥𝐞 𝗩𝒅 – 𝐝𝐢𝐬𝐩𝐥𝐚𝐜𝐞𝐝 (𝐬𝐰𝐞𝐩𝐭) 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝗩𝒄 – 𝐜𝐥𝐞𝐚𝐫𝐚𝐧𝐜𝐞 𝐯𝐨𝐥𝐮𝐦𝐞      අභ්‍යන්තර දහන එන්ජිමකට අයත් එක් සිලින්ඩරාකාර කොටසක අන්තර්ගත විස්ථාපිත පරිමාව 𝗩 𝒅 මගින් සංකේතවත් කරනු ලබයි. සිලින්ඩරාකාර කොටසෙහි මෙම විස්ථාපිත පරිමා අගය (𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒅 𝒗𝒐𝒍𝒖𝒎𝒆 𝒐𝒓 𝒔𝒘𝒆𝒆𝒑 𝒗𝒐𝒍𝒖𝒎𝒆) ගණනය කර ගැනීම සදහා එම සිලින්ඩරාකාර කොටසෙහි පිස්ටන් එක චලනය වන දුර ප්‍රමාණය එනම් පිස්ටන් ආඝාතය (𝑷𝒊𝒔𝒕𝒐𝒏 𝑺𝒕𝒓𝒐𝒌𝒆)සහ සිලින්ඩරාකාර කොටසෙහි හරස්කඩ ක්ෂේත්‍ර වර්ගඵලය...

Fuel Trims

Image
Fuel Trims  𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝗳𝘂𝗲𝗹 𝘁𝗿𝗶𝗺𝘀?     𝑭𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 යනු එන්ජිමෙහි දහන කුටීර තුල සමතුලිත වායු ඉන්ධන අනුපාතයක් පවත්වා ගැනීම සදහා එන්ජින් පාලන පරිගණක ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒖𝒏𝒊𝒕 𝑶𝑹 𝑬.𝑪.𝑼) විසින් ගණනය කර ගනු ලබන ඉන්ධන මිශ්‍රණයෙහි සිදු කරනු ලබන කුඩා වෙනස් කිරීම් වේ. සුදුසු 𝒅𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 𝒕𝒐𝒐𝒍 උපකරණයක් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) හා සම්බන්ධ කර ගැනීමෙන් මෙම 𝒇𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 අගය ප්‍රතිශතයක් ලෙසින් කියවා ගත හැකි වේ.           පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් ස්ටෝචියෝමිතික වායු-ඉන්ධන මිශ්‍රණයකින් ( 𝑺𝒕𝒐𝒊𝒄𝒉𝒊𝒐𝒎𝒆𝒕𝒓𝒊𝒄 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐 ) ක්‍රියාත්මක වන විට , දහන කුටීරය ( 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 ) තුල අන්තර්ගත වී පවතින සියළුම වාතය භාවිතා කරමින් සපයනු ලබන ඉන්ධන සියල්ලම දහනය කිරීම සිදු කරයි.      𝑵𝒐𝒕𝒆:- පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන අභ්...

Catalytic Converter

Image
𝗖𝗮𝘁𝗮𝗹𝘆𝘁𝗶𝗰 𝗖𝗼𝗻𝘃𝗲𝗿𝘁𝗲𝗿 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻     මුල් යුගයේ නිෂ්පාදිත මෝටර් රථ මගින් අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වන දහන ක්‍රියාවලිය ඔස්සේ නිපදවෙන අහිතකර පිටාර වායූන් සියල්ලක් ම පාහේ පිරිසිදු කිරීමකින් තොරව පිටාර නලය ඔස්සේ බාහිර පරිසරයට නිකුත් කිරීම සිදු කරන ලදි. මෙලෙස මෝටර් රථ පිටාර වාත පද්ධතිය හරහා බාහිර පරිසරයට එක් වන විවිධාකාර වූ අහිතකර සංඝටක අන්තර්ගත විෂ වායූන් විශාල මට්ටමින් වායු ගෝලය හා එක් වී දැඩි පාරිසරික හානි ඇති වීම ආරම්භ විය. මේ හේතූන් නිසා ගෝලීය වශයෙන් සංවිධානය වූ විවිධ පාරිසරික සංවිධාන මගින් මෝටර් රථ නිෂ්පාදක සමාගම් වෙත දැඩි පාරිසරික නීති පැනවීම සිදු කරන ලදි.      මීට පිළියමක් ලෙස මෝටර් රථ නිෂ්පාදකයන් විසින් උත්පේරක පරිවර්තකය ලෙසින් හඳුන්වනු ලබන උපාංගයක් එන්ජිමෙහි පිටාර නල පද්ධතිය තුලට අන්තර්ගත කරමින් බාහිර පරිසරයට නිකුත් වන අහිතකර වායූන් තරමක් දුරට සීමා කිරීම සිදු කරන ලදි.  උත්ප්‍රේරක පරිවර්තකය (𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් අන්තර්ගත කරමින් නිපදව...

Engine Coolant Temperature Sensor (ECT Sensor)

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿?    එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි.     සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජ...

Exhaust Gas Recirculation (EGR)

Image
අභ්‍යන්තර දහන එන්ජින් තුල සිද වන ඉන්ධන දහන ක්‍රියාවලියේ දී අතුරුඵලයක් ලෙස පිටාර වායු (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) මිශ්‍රණයක් නිපදවීම සිදු වේ. මෙම පිටාර වාත මිශ්‍රණය තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර මට්ටමේ රසායනික සංයෝග රැසක් අන්තර්ගත වී පවතී. මේ අතරින් නයිට්‍රිජන් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏) සහ ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏) වායූන් එකිනෙක ප්‍රතික්‍රියා කරමින් සෑදෙන 𝑵𝑶𝒙 වායූන් ප්‍රධාන තැනක් ගනී.     රසායනික විද්‍යාවට අනුව 𝑵𝑶𝒙 යනු නයිට්‍රිජන් මොනොක්සයිඩ් සහ නයිට්‍රිජන් ඩයොක්සයිඩ් රසායනික සංයෝග හැදින්වීම සදහා භාවිතා කරනු ලබන කෙටි යෙදුමකි. මෙම නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏 𝑶𝒙𝒊𝒅𝒆 𝒐𝒓 𝑵𝑶𝒙) දූෂක වායූන් මගින් වායුගෝලය දූෂණය වීම වඩාත් ප්‍රභල අන්දමින් සිදු වේ. අප ජීවත්වන බාහිර වායු ගෝලයට නයිට්‍රිජන් ඔක්සයිඩ් වායූන් අධික මට්ටමින් එක් වීම මගින් අධික දුමාර තත්වයන් (𝑺𝒎𝒐𝒈) නිර්මාණය වීම , අම්ල වැසි (𝑨𝒄𝒊𝒅 𝒓𝒂𝒊𝒏) ඇති වීම සහ ටොපොස්ෆෙරික් ඕසෝන් (𝒕𝒓𝒐𝒑𝒐𝒔𝒑𝒉𝒆𝒓𝒊𝒄 𝒐𝒛𝒐𝒏𝒆) ස්තරයට හානි සිදු වීම වැනි අහිතකර මට්ටමේ පාරිසරික බලපෑම් ඇති වීම පෙන්වා ද...

Brake Fluid

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗯𝗿𝗮𝗸𝗲 𝗳𝗹𝘂𝗶𝗱?   තිරිංග තරලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) යනු මෝටර් රථ වල අඩංගු හයිඩ්‍රොලික් බ්‍රේක් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒃𝒓𝒂𝒌𝒆) සහ හයිඩ්‍රොලික් ක්ලච් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒄𝒍𝒖𝒕𝒄𝒉 පද්ධතීන් සදහා භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් තරල (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒇𝒍𝒖𝒊𝒅) වර්ගයකි. බලය පීඩනයක් බවට පරිවර්තනය කරමින් තිරිංග බලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒐𝒓𝒄𝒆) විස්තාරණය කිරීමට හැකි ආකාරයේ හයිඩ්‍රොලික් ද්‍රවයක් මෙම තිරිංග තරලය සදහා භාවිතා කරනු ලබයි. සරලවම කිව හොත් , ඔබේ වාහනයේ ඇති තිරිංග පැඩලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒑𝒂𝒅𝒅𝒍𝒆) මතට පාදය යොදා ගනිමින් බලයක් යොදන සෑම අවස්තාවකදීම තිරිංග පැඩලය හා සම්බන්ධිත 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒑𝒖𝒎𝒑 එක මගින් තිරිංග තරලය පීඩන ක්‍රියාවලියකට ලක් කරයි. පසුව මෙසේ පීඩනයට ලක් වූ තිරිංග තරලය නල මාර්ග ඔස්සේ ඉදිරි පස සහ පසු පස රෝද වලට සවි වී ඇති තිරිංග කොටස් සදහා යොමු කරමින් වාහනය නතර කිරීමට ක්‍රියා කරයි.     මෝටර් රථ තිරිංග පද්ධතිය (𝑩𝒓𝒂𝒌𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා යොදා ගනු ලබන තිරිංග තරලයට ඉහල සම්පීඩන බලයන්ට ඔරොත්තු දීමේ ලාක්ෂණික ගුණාංග...

Starting System

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺?     මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ ව භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලට තනි වම ආරම්භක භ්‍රමණ චලනය ලබා ගනිමින් ක්‍රියාත්මක විය නො හැක. මේ නිසා එන්ජිමක මූලික මට්ටමේ පණගන්වා ගැනීම සිදු කර ගැනීමට අවශ්‍ය අවම 𝑹𝑷𝑴 අගය පරාසය ලබා ගැනීම සදහා විද්‍යුත් මෝටරයක් භාවිතා කරනු ලබයි. මෙමගින් එන්ජිම සතු දගරකද (𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) අවශ්‍ය ප්‍රමාණයේ වේගයක් සහිතව භ්‍රමණය කර ගැනීම සිදු කරයි. එවිට එන්ජින් සිලින්ඩර් තුලට ඉන්ධන වාත මිශ්‍රණය හොදින් අවශෝෂණය කර සම්පීඩන ක්‍රියාවලියට ලක් කර ගනිමින් සාර්ථක දහන ක්‍රියාවලියට අවශ්‍ය වටපිටාව එන්ජිම තුල පිහිටා ඇති සිලින්ඩර් තුල නිර්මාණය වීම සිදු වේ. එවිට එන්ජිමට තනිවම එහි බලය යටතේ ක්‍රියාත්මක විය හැකිය.     එන්ජිමට අවශ්‍ය මූලික මට්ටමේ භ්‍රමණ චලිතය සැපයීම සිදු කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් මෝටරය මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබයි. 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කරවා ගැනීම ස...

Engine Torque

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗻𝗴𝗶𝗻𝗲 𝘁𝗼𝗿𝗾𝘂𝗲?     සෑම එන්ජිමක්ම නිශ්චිත ඌ අරමුණක් වෙනුවෙන් සැලසුම් සහගත ව නිර්මාණය කර ගෙන ඇත. මේ නිසා 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 භාවිතා කරමින් ලබා ගැනීම සදහා බලාපොරොත්තු වන ප්‍රතිදාන ව්‍යාවර්තය යොදා ගනු ලබන මෝටර් රථ යෙදුම අනුව වෙනස් වේ. මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එකක ප්‍රතිදාන ව්‍යාවර්තය ප්‍රදාන වශයෙන් 𝒔𝒕𝒓𝒐𝒌𝒆-𝒕𝒐-𝒃𝒐𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒐 සහ 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝒓𝒂𝒕𝒊𝒐 මත රදා පවතී. මීට අමතරව සලකනු ලබන එන්ජිමෙහි දහන පීඩනය සහ එන්ජින් වේගය එනම් එන්ජිමෙහි 𝑹𝑷𝑴 අගය පරාසය මතද සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තයෙහි රදා පැවතීම තීරණය වේ.     අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය මත සහ එන්ජින් නිර්මාණය කිරීම සදහා භාවිතා කරනු ලබන ක්‍රියාකාරී එන්ජින් සැලසුමට (𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔/𝒄𝒐𝒏𝒇𝒊𝒈𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏𝒔) අනුව සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තය උච්ච වක්‍රයක් (𝒑𝒆𝒂𝒌 𝒄𝒖𝒓𝒗𝒆) අකාරයෙන් හෝ පැතලි වක්‍රයක් (𝒇𝒍𝒂𝒕 𝒄𝒖𝒓𝒗𝒆) ආකාරයෙන් අපසාරී ලෙස වර්ධ...

Electromagnet

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗺𝗮𝗴𝗻𝗲𝘁?   ස්ථිතික විද්‍යුත් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී විද්‍යුත් සන්නයනය නො කරන මාධ්‍යයක් තුල හෝ මතුපිට පෘෂ්ඨය මත ධන හා සෘන ලෙසින් ආරෝපිත ස්තර නිර්මාණය වී පවතින ආකාරයට සමාන ලෙසින් ස්ථිතික චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒐-𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී උත්තර සහ දක්ෂිණ ලෙසින් හඳුන්වනු ලබන ධ්‍රැව නිර්මාණය වී පවතී. 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔 මාද්‍ය තුල නිර්මාණය වී පවතින ධන හා සෘන ආරෝපණ මගින් ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයන් නිර්මාණය වීම සිදු වන අතර එම විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයෙන් ආරම්භ වී සෘන ආරෝපණයෙන් අවසන් වීම සිදු වේ. ඒ වගේම මෙම ධන සහ සෘන ආරෝපණ (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒂𝒏𝒅 𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒉𝒂𝒓𝒈𝒆) විද්‍යුත් ක්ෂේත්‍ර බලයන්ට යන්ට යටත් නොවී වෙන වෙනම උවද පැවතිය හැකිය. නමුත් මෙම ලිපියෙන් කතා කරනු ලබන චුම්බක උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් සදහා වෙන වෙනම පැවතිය නො හැක. එනම් චුම්බක මත උත්තර ධ්‍රැවයක් නිර්මාණය වීමට නම් දක්ෂිණ ධ්‍රැවයක් පැවතීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය.    චුම්භක ධ්‍රැව මගින් න...