Posts

Altenator

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿 ?       ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම් වී විද්‍යුත් බලය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒑𝒐𝒘𝒆𝒓) ජනනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපාංගයකි. මෙය භාවිතා කරමින් යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර මෝටර් රථ සදහා අවශ්‍ය  විද්‍යුත් බලය උත්පාදනය කර ගැනීම සිදු වේ. ප්‍රත්‍යාවර්තකය ක්‍රියා කිරීමේ දී එය තුල මූලික වශයෙන් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් ජනනය වීම සිදු වන අතර පසුව එය සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයක් බවට පරිවර්තනය  කර මෝටර් රථ විදුලි පද්ධතිය (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) වෙත මුදා හරී. .    පිරිවැය සහ සරල බව යන හේතූන් මත , බොහෝ ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) සදහා ස්ථාවර ආමේචරයක් (𝑨𝒓𝒎𝒂𝒕𝒖𝒓𝒆) සහිත භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) භාවිතා කරනු ලබයි. මෙම කොටස රොටර් (𝑹𝒐𝒕𝒐𝒓) යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ලබ...

Revolutions Per Minute : RPM

Image
𝑹𝒆𝒗𝒐𝒍𝒖𝒕𝒊𝒐𝒏𝒔 𝑷𝒆𝒓 𝑴𝒊𝒏𝒖𝒕𝒆 යනු කිසියම් වස්තුවක් මිනිත්තු එකක (විනාඩි එකක කාලයක් හෝ තප්පර 60ක කාලයක්) කාලයක් තුල දී නිශ්චිත ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වන අවස්ථාවන් සංඛ්‍යාව ලෙසින් අර්ථ දක්වා ඇත. මෙය කෙටි කර 𝒓𝒑𝒎 , 𝑹𝑷𝑴 , 𝒓𝒆𝒗/𝒎𝒊𝒏 හෝ 𝒎𝒊𝒏 -1 යන අංකනය භාවිතා කරමින් සටහන් කිරීම සිදු කර ගනු ලබයි. මෙය භ්‍රමණය වන වස්තුවක අන්තර්ගත වන භ්‍රමණ වේගය හෝ සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා යෙදිය හැකි පිළිගත් තවත් ඒකකයක් ලෙසින් හඳුන්වා දිය හැකිය.     මේ සදහා උදාහරණයක් ලෙස කිසියම් ලක්ෂ්‍යයක් වටා කරකැවෙන රෝදයක් සලකමු. එම රෝදය තත්පර එකක කාලයක් තුල දී එක් වටයක් සම්පූර්ණ කරයි නම් , තත්පර හැටක කාලයක් තුල දී එම රෝදය අවස්ථාවන් හැටක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් භ්‍රමණය වීම සිදු වේ. මේ නිසා එම රෝදය 60𝑹𝑷𝑴 ක වේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වන බව සදහන් කල හැකිය.  මේ සදහා ඕනෑම අවස්ථාවක් තුල භ්‍රමණය වන වස්තුවක භ්‍රමණය වේගය 𝑹𝑷𝑴 ඇසුරෙන් සොයා ගැනීම සදහා පහත සූත්‍රය භාවිතා කල හැකිය.                      ඉහත...

How to measure Current

Image
       සරල වම පවසවනවනම් විද්‍යුත් ධාරාව යනු ඉලෙක්ට්‍රෝන (සෘන අංශු) හෝ අයන (ධන / සෘන අංශු) එක් ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයක් දක්වා භෞතික ද්‍රව්‍යයක් ඔස්සේ ගලා යාමේ ක්‍රියාවලියයි. භෞතික ද්‍රව්‍ය ලෙසින් ලෝහ වර්ග , විශේෂිත තත්ව යටතේ පවතින ජල ද්‍රාවණ , අර්ධ සන්නායක මූලද්‍රව්‍ය හා වාත අවකාශයන් නම් කල හැකිය.    ඉහත සදහන් කල ඉලෙක්ට්‍රෝන (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) හෝ අයන (𝒊𝒐𝒏𝒔) ලෙසින් හඳුන්වනු ලැබූ ආරෝපිත අංශූන් චලනය කිරීම සදහා වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) ලෙසින් හඳුන්වනු ලබන විශේෂිත බල ශක්තියක් උපකාරී කර ගනී. ( මෙහි වෝල්ටීයතාවය ලෙස භෞතික ද්‍රව්‍යය තුල පවතින ලක්ෂ්‍යයන් දෙකක් අතර පවතින විභව අන්තරයක් එහෙම නැත්නම් වෝල්ටීයතා වෙනස ලෙසින් අර්ථ දක්වා ගැනීම සිදු කර ඇත.) භෞතික ද්‍රව්‍යය සදහා යොදනු ලබන වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) වැඩි වන තරමට ප්‍රතිරෝධීතාවය දුර්වල වී වැඩි ධාරාවක් ගලා යාම සිදු වේ. 𝕯𝖎𝖗𝖊𝖈𝖙 𝖁𝕾 𝕬𝖑𝖙𝖊𝖗𝖓𝖆𝖙𝖎𝖓𝖌 𝕮𝖚𝖗𝖗𝖊𝖓𝖙     සෘජු ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 – 𝑫𝑪) ලෙසින් කෙටි කර දැක්වීම සිදු කරයි. සෘජු ධාර...

Combustion Chamber

Image
      දහන කුටීරය ( combustion chamber ) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල පිහිටා ඇති සුවිශේෂී කොටසකි. එම කොටස තුල කුඩා අංශු වශයෙන් පවතින ඉන්ධන වාෂ්ප ඉතාමත් හොදින් වාතය සමගින් මිශ්‍ර වීම සිදු වේ. එම ඉන්ධන වාත මිශ්‍රණය නියත උෂ්ණත්වය කදී දහනය වීමත් සමගම වාත අවකාශය ප්‍රසාරණය වීමෙන් විශාල ශක්තියක් ජනනය වීම සිදු වේ.    මුල් කාලයේ භාවිතා වූ වාෂ්ප එන්ජින් තුල අන්තර් ගත වූ ගිනි පෙට්ටිය ( fire box ) ලෙසින් හඳුන්වනු ලබන උපාංගයේ නව සංස්කරණයක් ලෙසින් IC Engine තුල පිහිටා ඇති දහන කුටීරය හඳුන්වා දිය හැකිය. ද්‍රව ඉන්ධන භාවිතා කරමින් බලය උත්පාදනය සිදු කර ගැනීම සදහා ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවකට භාජනය කිරීම සිදු කල යුතුය. මේ ක්‍රියාවලිය සුදුසු තත්ව යටතේ නිසියාකාරව සිදු කර ගැනීම සදහා නවීන මෝටර් රථ තුල අන්තර්ගත IC Engine වල පවා දහන කුටීරය භාවිතා කිරීම සිදු කෙරේ.     අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමෙන් නිර්මාණය වන අධික පීඩන අවස්ථාව එන්ජිම තුල ඇති යාන්ත්‍රික කොටස් වෙත සෘජු බලයක් යෙදීම සිදු වේ. (උදාහරණයක් ලෙස පිස්ටන් භාවිතා කරනු ලබන තාප එන්...

mass air flow (MAF) sensor

Image
   සංවේදකය අඩංගු කුටීරය තුලින් ගලා යනු ලබන වාත ප්‍රවාහයේ ප්‍රමාණයට (𝑨𝒎𝒐𝒖𝒏𝒕 𝒐𝒇 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘) ප්‍රතිචාර දක්වමින් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) වෙත දත්ත සැපයීම ස්කන්ධ වායු ප්‍රවාහ සංවේදකය (𝑴𝒂𝒔𝒔 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓) යොදා ගනිමින් සිදු කර ගනී. නමුත් මෙම සංවේදකය වාතයේ ඝනත්වය සදහා සංවේදී නොවේ.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල පූර්ණ දහන අවස්ථාවක් සහතික කිරීම සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ගණනය කර ගැනීම සදහා වායු පරිභෝජන අගය මූලික පරාමිතීන්ගෙන් එකක් ලෙසින් හැදින් වේ. මේ නිසා එන්ජින් සදහා අවශ්‍ය කරනු ලබන ස්ථීර නොවූ වාත පිරිවැයක අගය ප්‍රමාණාත්මක ව මැන ගැනීමට මෙන්ම වායූන් භාවිතා වන බොහෝ පද්ධති වල පරිමා පරිභෝජනය වන වාත ප්‍රමාණය මැන ගැනීම සදහා 𝑴𝑨𝑭 𝑺𝒆𝒏𝒔𝒐𝒓 යොදා ගනු ලබයි. වායු ප්‍රවාහය එන්ජිම තුලට උරා ගන්නා නල මාර්ගයේ 𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒗𝒂𝒍𝒗𝒆 නමින් හඳුන්වනු ලබන උපාංගයට පෙර හා වායු පෙරනයට (𝑨𝒊𝒓 𝑪𝒍𝒆𝒂𝒏𝒆𝒓) පසුව මෙම 𝑴𝑨𝑭 𝒔𝒆𝒏𝒔𝒐𝒓 අඩංගු කුටීරය ස්ථාන ගත කර පවතී.  𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗠?...

Connecting rod

Image
    𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗥𝗼𝗱?     සම්භන්ධක දඩු (𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅) යනු පිස්ටන් යොදා ගනිමින් යාන්ත්‍රික ජවය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) නිපදවීම සිදු කර ගනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් තුල භාවිතා කරනු ලබන වැදගත් උපාංගයකි. මෙම 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 යොදා ගනිමින් පිස්ටන් එක හා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 උපාංගයන් දෙක එකිනෙක සම්බන්ධ කර ගනු ලබයි. මේ සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක මත ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒑𝒊𝒏 එක හා 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක මත ඇති 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එක උපයෝගී කර ගනී. 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මත ඇති 𝒔𝒎𝒂𝒍𝒍 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන කුඩා කෙළවර 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එකටත් 𝒃𝒊𝒈 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන විශාල කෙළවර 𝒄𝒓𝒂𝒏𝒌 𝒑𝒊𝒏 එක හා සම්බන්ධ වීම සිදු වේ.     . . " දඟර කද හා සවි වී පවතින 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මගින් පිස්ටන් (𝑷𝒊𝒔𝒕𝒐𝒏) එක මත සිදු වන ව්‍යාවර්ත චලිතය (𝒍𝒊𝒏𝒆𝒂𝒓 𝒎𝒐𝒕𝒊𝒐𝒏) දඟර කදෙහි භ්‍රමණ චලිතය (𝒓𝒐𝒕𝒂𝒓𝒚 𝒎𝒐𝒕𝒊𝒐𝒏) බවට පරිවර්තනය කිරීම සිදු ගනු ලබයි." . .  ...

Crankshaft position sensor (CKP)

Image
   දගරකද පිහිටුම් සංවේදකය ( Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි ) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය ( Ignition system ) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි ( Fuel Injection System ) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.       CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය ( Crankshaft Position Sensor ) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස...