Posts

Combustion Chamber

Image
      දහන කුටීරය ( combustion chamber ) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල පිහිටා ඇති සුවිශේෂී කොටසකි. එම කොටස තුල කුඩා අංශු වශයෙන් පවතින ඉන්ධන වාෂ්ප ඉතාමත් හොදින් වාතය සමගින් මිශ්‍ර වීම සිදු වේ. එම ඉන්ධන වාත මිශ්‍රණය නියත උෂ්ණත්වය කදී දහනය වීමත් සමගම වාත අවකාශය ප්‍රසාරණය වීමෙන් විශාල ශක්තියක් ජනනය වීම සිදු වේ.    මුල් කාලයේ භාවිතා වූ වාෂ්ප එන්ජින් තුල අන්තර් ගත වූ ගිනි පෙට්ටිය ( fire box ) ලෙසින් හඳුන්වනු ලබන උපාංගයේ නව සංස්කරණයක් ලෙසින් IC Engine තුල පිහිටා ඇති දහන කුටීරය හඳුන්වා දිය හැකිය. ද්‍රව ඉන්ධන භාවිතා කරමින් බලය උත්පාදනය සිදු කර ගැනීම සදහා ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවකට භාජනය කිරීම සිදු කල යුතුය. මේ ක්‍රියාවලිය සුදුසු තත්ව යටතේ නිසියාකාරව සිදු කර ගැනීම සදහා නවීන මෝටර් රථ තුල අන්තර්ගත IC Engine වල පවා දහන කුටීරය භාවිතා කිරීම සිදු කෙරේ.     අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමෙන් නිර්මාණය වන අධික පීඩන අවස්ථාව එන්ජිම තුල ඇති යාන්ත්‍රික කොටස් වෙත සෘජු බලයක් යෙදීම සිදු වේ. (උදාහරණයක් ලෙස පිස්ටන් භාවිතා කරනු ලබන තාප එන්...

mass air flow (MAF) sensor

Image
   සංවේදකය අඩංගු කුටීරය තුලින් ගලා යනු ලබන වාත ප්‍රවාහයේ ප්‍රමාණයට (𝑨𝒎𝒐𝒖𝒏𝒕 𝒐𝒇 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘) ප්‍රතිචාර දක්වමින් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) වෙත දත්ත සැපයීම ස්කන්ධ වායු ප්‍රවාහ සංවේදකය (𝑴𝒂𝒔𝒔 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓) යොදා ගනිමින් සිදු කර ගනී. නමුත් මෙම සංවේදකය වාතයේ ඝනත්වය සදහා සංවේදී නොවේ.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල පූර්ණ දහන අවස්ථාවක් සහතික කිරීම සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ගණනය කර ගැනීම සදහා වායු පරිභෝජන අගය මූලික පරාමිතීන්ගෙන් එකක් ලෙසින් හැදින් වේ. මේ නිසා එන්ජින් සදහා අවශ්‍ය කරනු ලබන ස්ථීර නොවූ වාත පිරිවැයක අගය ප්‍රමාණාත්මක ව මැන ගැනීමට මෙන්ම වායූන් භාවිතා වන බොහෝ පද්ධති වල පරිමා පරිභෝජනය වන වාත ප්‍රමාණය මැන ගැනීම සදහා 𝑴𝑨𝑭 𝑺𝒆𝒏𝒔𝒐𝒓 යොදා ගනු ලබයි. වායු ප්‍රවාහය එන්ජිම තුලට උරා ගන්නා නල මාර්ගයේ 𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒗𝒂𝒍𝒗𝒆 නමින් හඳුන්වනු ලබන උපාංගයට පෙර හා වායු පෙරනයට (𝑨𝒊𝒓 𝑪𝒍𝒆𝒂𝒏𝒆𝒓) පසුව මෙම 𝑴𝑨𝑭 𝒔𝒆𝒏𝒔𝒐𝒓 අඩංගු කුටීරය ස්ථාන ගත කර පවතී.  𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗠?...

Connecting rod

Image
    𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗥𝗼𝗱?     සම්භන්ධක දඩු (𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅) යනු පිස්ටන් යොදා ගනිමින් යාන්ත්‍රික ජවය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) නිපදවීම සිදු කර ගනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් තුල භාවිතා කරනු ලබන වැදගත් උපාංගයකි. මෙම 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 යොදා ගනිමින් පිස්ටන් එක හා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 උපාංගයන් දෙක එකිනෙක සම්බන්ධ කර ගනු ලබයි. මේ සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක මත ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒑𝒊𝒏 එක හා 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක මත ඇති 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එක උපයෝගී කර ගනී. 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මත ඇති 𝒔𝒎𝒂𝒍𝒍 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන කුඩා කෙළවර 𝒑𝒊𝒔𝒕𝒐𝒏 𝒑𝒊𝒏 එකටත් 𝒃𝒊𝒈 𝒆𝒏𝒅 ලෙසින් හැදින්වෙන විශාල කෙළවර 𝒄𝒓𝒂𝒏𝒌 𝒑𝒊𝒏 එක හා සම්බන්ධ වීම සිදු වේ.     . . " දඟර කද හා සවි වී පවතින 𝑪𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක මගින් පිස්ටන් (𝑷𝒊𝒔𝒕𝒐𝒏) එක මත සිදු වන ව්‍යාවර්ත චලිතය (𝒍𝒊𝒏𝒆𝒂𝒓 𝒎𝒐𝒕𝒊𝒐𝒏) දඟර කදෙහි භ්‍රමණ චලිතය (𝒓𝒐𝒕𝒂𝒓𝒚 𝒎𝒐𝒕𝒊𝒐𝒏) බවට පරිවර්තනය කිරීම සිදු ගනු ලබයි." . .  ...

Crankshaft position sensor (CKP)

Image
   දගරකද පිහිටුම් සංවේදකය ( Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි ) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය ( Ignition system ) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි ( Fuel Injection System ) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.       CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය ( Crankshaft Position Sensor ) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස...

Engine Piston

Image
     පිස්ටන් ( Piston ) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල අන්තර් ගත වන ප්‍රධානතම උපාංගයකි. පිස්ටන් මගින් සිදු කර ගනු ලබන ප්‍රධානතම කාර්‍යය ලෙසින්, දහන කුටීරය ( Ignition chamber ) තුල අඩංගු ඉන්ධන වාත මිශ්‍රණය දහන ක්‍රියාවලියට ලක් වීමෙන් පිස්ටන් මත ජනනය වන පීඩන බලය උපකාරී කර ගනිමින් දගරකද චලනය කිරීමට අවශ්‍ය බලය බවට පරිවර්තනය කිරීම හැදින්විය හැකිය.  මගී වාහන සදහා භාවිතා කරනු ලබන එන්ජින් සදහා ඇළුමිනියම් මිශ්‍ර ලෝහ භාවිතා කරමින් නිර්මාණය කර ඇති පිස්ටන් භාවිතා කරන අතර වාණිජ වාහන වල එන්ජින් සදහා වානේ සහ වාත්තු යකඩ යොදා ගනිමින් නිර්මාණය කර ඇති පිස්ටන් භාවිතා කරනු ලබයි. පිස්ටන් යනු දගරකද ධාවකයේ ( Crankshift drive ) එහෙමත් නැත්තන් දගරකද යන්ත්‍රණයෙහි ( Crank mechanism ) අඩංගු වන ප්‍රධානතම උපාංගයකි. එය පහත සදහන් උපාංග යොදා ගනිමින් දගරකද ( Crankshaft ) හා සම්බන්ධ කර පවතී. • Piston  • Piston Rings  • Connecting Rod • Crankshaft  Secondary Engine Function  Fulfilled by the Piston:                         ...

Engine capacity (cc):

Image
  අභ්‍යන්තර දහන එන්ජිමක පවතින එන්ජින් ධාරිතාවය හෝ පරිමාව මැනීම සදහා මෙට්‍රික් ඒකකය ලෙසින් ඝන සෙන්ටිමීටර "සරලව 𝒄𝒎3" භාවිතා කරමින් සිදු කර ගන්නා අතර එය 𝒄𝒄 අක්ෂර භාවිතයෙන් නිරූපණය කර ගනු ලබයි. 1𝒄𝒎3 එකක් යනු පිළිවලින් දිග, උස, පළල 1𝒄𝒎 × 1𝒄𝒎 × 1𝒄𝒎 බැගින් වූ ඝනකයක අන්තර්ගත වන පරිමා ප්‍රමාණය ලෙසින් හැදින්වේ.     අභ්‍යන්තර දහන එන්ජිමක් ක්‍රියාත්මක වන විට , එන්ජිමේ සම්පූර්ණ චක්‍රයක් තුල දී සිලින්ඩර් බෝරය තුල ඇති පිස්ටන් එක 𝑻𝒐𝒑 𝒅𝒆𝒂𝒅 𝒄𝒆𝒏𝒕𝒆𝒓 (𝑻𝑫𝑪) සිට 𝑩𝒐𝒕𝒕𝒐𝒎 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒓𝒆 (𝑩𝑫𝑪) දක්වා ගමන් කිරීම එහෙමත් නැත්තම් විස්ථාපනය වීම එන්ජින් විස්ථාපනය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒎𝒆𝒏𝒕) ලෙසින් හැදින් වේ. එනම් එන්ජිම තුල ඇති සිලින්ඩර් බෝරය මත පිස්ටන් මගින් ඇති කරනු ලබන පරිමා අවකාශය "එන්ජින් විස්ථාපනය" (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒎𝒆𝒏𝒕) නමින් සරලව හඳුන්වනු ලබන අතර එය ප්‍රමාණාත්මක ලෙසින් 𝑪𝑪 භාවිතා කරමින් නිරූපණය කරනු ලබයි.    සමහර අවස්ථාවන් වල දී මෝටර් රථ නිෂ්පාදකයන් විසින් , ඝන සෙන්ටිමීටර ඒකකය මගින් ලැබෙන ඉහල පරිමාවක්...

Inductive pulls generator

Image
       පේරක වර්ගයේ  සංඥා උත්පාදක (𝑰𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒕𝒚𝒑𝒆 𝒑𝒖𝒍𝒍𝒔 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒕𝒐𝒓) හෝ 𝒊𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සදහා මූලික වශයෙන් දඟරයක් (𝒄𝒐𝒊𝒍 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) , චුම්බක ක්ෂේත්‍රයක් සහ චලනය වන කොටසක් (𝒎𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕) අන්තර්ගත කරමින් නිර්මාණය කර ඇත. චුම්බක ක්ශේත්‍රයන්ට සංවේදී ද්‍රව්‍ය වලින් නිපදවා ඇති යාන්ත්‍රික කොටසක් හෝ උපාංගයක් ("𝑴𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕" ලෙසින් හැදින් වේ) සංවේදකය අසලින් චලනය වන විට එම සංවේදකය තුලින් ස්වයං වොල්ටීයතා සංඥාවක් ජනනය වීම සිදු වේ. මෙම වර්ගයේ පේරක සංවේදක ෆැරඩේ (𝑭𝒂𝒓𝒓𝒐𝒅𝒂𝒚 𝑳𝒐𝒘) නියමයට අනුකූලව ක්‍රියාත්මක වේ.           මෙම පේරක දඟරය නිපදවා ගෙන ඇත්තේ , ස්ථීර චුම්බක (𝑷𝒆𝒓𝒎𝒂𝒏𝒆𝒏𝒕 𝑴𝒂𝒈𝒏𝒂𝒕) යක් මැදි වන ලෙස එම චුම්බක ය වටා සන්නයක කම්බියක් (𝑪𝒐𝒊𝒍 𝒐𝒇 𝑾𝒊𝒓𝒆) ඔතා ගැනීම මගිනි. මෙම සන්නයන කම්බිය සදහා බොහෝ විට පාර විද්‍යුත් මාධ්‍යයකින් ආවරණය කල තඹ කම්බි 𝑪𝒐𝒑𝒑𝒆𝒓 𝑾𝒊𝒓𝒆) භාවිතා කරයි. මෙහි දී භාවිතා කල ස්ථීර චුම්බක යෙහි , චුම්බක ස්‍රාවය (𝑴𝒂𝒈𝒏𝒆...