Posts

Brake Fluid

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗯𝗿𝗮𝗸𝗲 𝗳𝗹𝘂𝗶𝗱?   තිරිංග තරලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) යනු මෝටර් රථ වල අඩංගු හයිඩ්‍රොලික් බ්‍රේක් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒃𝒓𝒂𝒌𝒆) සහ හයිඩ්‍රොලික් ක්ලච් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒄𝒍𝒖𝒕𝒄𝒉 පද්ධතීන් සදහා භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් තරල (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒇𝒍𝒖𝒊𝒅) වර්ගයකි. බලය පීඩනයක් බවට පරිවර්තනය කරමින් තිරිංග බලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒐𝒓𝒄𝒆) විස්තාරණය කිරීමට හැකි ආකාරයේ හයිඩ්‍රොලික් ද්‍රවයක් මෙම තිරිංග තරලය සදහා භාවිතා කරනු ලබයි. සරලවම කිව හොත් , ඔබේ වාහනයේ ඇති තිරිංග පැඩලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒑𝒂𝒅𝒅𝒍𝒆) මතට පාදය යොදා ගනිමින් බලයක් යොදන සෑම අවස්තාවකදීම තිරිංග පැඩලය හා සම්බන්ධිත 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒑𝒖𝒎𝒑 එක මගින් තිරිංග තරලය පීඩන ක්‍රියාවලියකට ලක් කරයි. පසුව මෙසේ පීඩනයට ලක් වූ තිරිංග තරලය නල මාර්ග ඔස්සේ ඉදිරි පස සහ පසු පස රෝද වලට සවි වී ඇති තිරිංග කොටස් සදහා යොමු කරමින් වාහනය නතර කිරීමට ක්‍රියා කරයි.     මෝටර් රථ තිරිංග පද්ධතිය (𝑩𝒓𝒂𝒌𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා යොදා ගනු ලබන තිරිංග තරලයට ඉහල සම්පීඩන බලයන්ට ඔරොත්තු දීමේ ලාක්ෂණික ගුණාංග...

Starting System

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺?     මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ ව භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලට තනි වම ආරම්භක භ්‍රමණ චලනය ලබා ගනිමින් ක්‍රියාත්මක විය නො හැක. මේ නිසා එන්ජිමක මූලික මට්ටමේ පණගන්වා ගැනීම සිදු කර ගැනීමට අවශ්‍ය අවම 𝑹𝑷𝑴 අගය පරාසය ලබා ගැනීම සදහා විද්‍යුත් මෝටරයක් භාවිතා කරනු ලබයි. මෙමගින් එන්ජිම සතු දගරකද (𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) අවශ්‍ය ප්‍රමාණයේ වේගයක් සහිතව භ්‍රමණය කර ගැනීම සිදු කරයි. එවිට එන්ජින් සිලින්ඩර් තුලට ඉන්ධන වාත මිශ්‍රණය හොදින් අවශෝෂණය කර සම්පීඩන ක්‍රියාවලියට ලක් කර ගනිමින් සාර්ථක දහන ක්‍රියාවලියට අවශ්‍ය වටපිටාව එන්ජිම තුල පිහිටා ඇති සිලින්ඩර් තුල නිර්මාණය වීම සිදු වේ. එවිට එන්ජිමට තනිවම එහි බලය යටතේ ක්‍රියාත්මක විය හැකිය.     එන්ජිමට අවශ්‍ය මූලික මට්ටමේ භ්‍රමණ චලිතය සැපයීම සිදු කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් මෝටරය මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබයි. 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කරවා ගැනීම ස...

Engine Torque

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗻𝗴𝗶𝗻𝗲 𝘁𝗼𝗿𝗾𝘂𝗲?     සෑම එන්ජිමක්ම නිශ්චිත ඌ අරමුණක් වෙනුවෙන් සැලසුම් සහගත ව නිර්මාණය කර ගෙන ඇත. මේ නිසා 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 භාවිතා කරමින් ලබා ගැනීම සදහා බලාපොරොත්තු වන ප්‍රතිදාන ව්‍යාවර්තය යොදා ගනු ලබන මෝටර් රථ යෙදුම අනුව වෙනස් වේ. මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එකක ප්‍රතිදාන ව්‍යාවර්තය ප්‍රදාන වශයෙන් 𝒔𝒕𝒓𝒐𝒌𝒆-𝒕𝒐-𝒃𝒐𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒐 සහ 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝒓𝒂𝒕𝒊𝒐 මත රදා පවතී. මීට අමතරව සලකනු ලබන එන්ජිමෙහි දහන පීඩනය සහ එන්ජින් වේගය එනම් එන්ජිමෙහි 𝑹𝑷𝑴 අගය පරාසය මතද සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තයෙහි රදා පැවතීම තීරණය වේ.     අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය මත සහ එන්ජින් නිර්මාණය කිරීම සදහා භාවිතා කරනු ලබන ක්‍රියාකාරී එන්ජින් සැලසුමට (𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔/𝒄𝒐𝒏𝒇𝒊𝒈𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏𝒔) අනුව සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තය උච්ච වක්‍රයක් (𝒑𝒆𝒂𝒌 𝒄𝒖𝒓𝒗𝒆) අකාරයෙන් හෝ පැතලි වක්‍රයක් (𝒇𝒍𝒂𝒕 𝒄𝒖𝒓𝒗𝒆) ආකාරයෙන් අපසාරී ලෙස වර්ධ...

Electromagnet

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗺𝗮𝗴𝗻𝗲𝘁?   ස්ථිතික විද්‍යුත් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී විද්‍යුත් සන්නයනය නො කරන මාධ්‍යයක් තුල හෝ මතුපිට පෘෂ්ඨය මත ධන හා සෘන ලෙසින් ආරෝපිත ස්තර නිර්මාණය වී පවතින ආකාරයට සමාන ලෙසින් ස්ථිතික චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒐-𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී උත්තර සහ දක්ෂිණ ලෙසින් හඳුන්වනු ලබන ධ්‍රැව නිර්මාණය වී පවතී. 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔 මාද්‍ය තුල නිර්මාණය වී පවතින ධන හා සෘන ආරෝපණ මගින් ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයන් නිර්මාණය වීම සිදු වන අතර එම විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයෙන් ආරම්භ වී සෘන ආරෝපණයෙන් අවසන් වීම සිදු වේ. ඒ වගේම මෙම ධන සහ සෘන ආරෝපණ (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒂𝒏𝒅 𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒉𝒂𝒓𝒈𝒆) විද්‍යුත් ක්ෂේත්‍ර බලයන්ට යන්ට යටත් නොවී වෙන වෙනම උවද පැවතිය හැකිය. නමුත් මෙම ලිපියෙන් කතා කරනු ලබන චුම්බක උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් සදහා වෙන වෙනම පැවතිය නො හැක. එනම් චුම්බක මත උත්තර ධ්‍රැවයක් නිර්මාණය වීමට නම් දක්ෂිණ ධ්‍රැවයක් පැවතීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය.    චුම්භක ධ්‍රැව මගින් න...

Automotive Wire

Image
  𝗨𝗻𝗱𝗲𝗿𝘀𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝘄𝗶𝗿𝗶𝗻𝗴      විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) භාවිතා කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා යම් විභව අන්තරයක් යටතේ විද්‍යුත් ධාරා ප්‍රවාහයන් රැගෙන යාම සිදු කර ගත හැකි වේ. මේ නිසා විද්‍යුතය රැගෙන යා හැකි රැහැන් පද්ධතියක් (𝒘𝒊𝒓𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎) භාවිතා කරමින් මෝටර් රථය තුල අන්තර්ගත වැදගත් විද්‍යුත් පද්ධතීන් ක්‍රියාකර වීමට අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම සිදු කරයි. තඹ (𝑪𝒐𝒑𝒑𝒆𝒓) හෝ ඇළුමිනියම් (𝑨𝒍𝒖𝒎𝒊𝒏𝒊𝒖𝒎) යන විද්‍යුත් සන්නායක ලෝහ ද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විදුලි පද්ධතිය සදහා වඩාත් සුලභව යොදා ගනු ලබයි. තඹ ලෝහය සතුව ඇළුමිනියම් ලෝහයට සාපේක්ෂව ඉහල විද්‍යුත් සන්නයක තාවයක් සහ ඉහල නම්‍යශීලී බවක් අඩංගු වේ. ඒ වගේම තඹ ලෝහය විඛාදන ක්‍රියාවලියට ඉහල ප්‍රතිරෝධී තාවයක් දක්වනු ලබයි. මෙම ගුණාංග සහ ලක්ෂණ හේතුවෙන් තඹ ලෝහය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.      මෝටර් රථ විද්‍ය...

Volumetric efficiency of an internal combustion engine

Image
 𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝘃𝗼𝗹𝘂𝗺𝗲𝘁𝗿𝗶𝗰 𝗲𝗳𝗳𝗶𝗰𝗶𝗲𝗻𝗰𝘆     අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) , තාප එන්ජින් කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත. දහනය සදහා සහභාගී වන පිස්ටන් සහිත සිලින්ඩරාකාර කොටස් සංඛයාව අනුව අභ්‍යන්තර දහන එන්ජිමක ධාරිතාව (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) තීරණය වේ. එක් සිලින්ඩර කොටසක් පමණක් යොදා ගනිමින් නිර්මාණය කර ගනු ලබන එන්ජින් "𝒐𝒏𝒆 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆 " ලෙසින් හඳුන්වනු ලබයි. ඒ වගේම , සිලින්ඩර කොටස් කිහිපයක් ඒකාබද්ධ කර ගනිමින් නිර්මාණය කර ගනු ලබන එන්ජින් සමස්තයක් ලෙස "𝒎𝒖𝒍𝒕𝒕𝒚 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆" කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත.     මුලින් ම තනි සිලින්ඩර් එන්ජිමක එනම් "𝒐𝒏𝒆 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆" හි ක්‍රියාකාරිත්වය දෙස බලමු. එන්ජින් ක්‍රියාකාරිත්වයේ දී , සිලින්ඩර් (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓) කොටස තුල චලනය විය හැකි ලෙසින් සම්බන්ධ කර ගත් පිස්ටන් (𝒑𝒊𝒔𝒕𝒐𝒏) කොටසක් අන්තර්ගත වේ. මෙම පිස්ටන් එක 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එකක් යොදා ගනිමින් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හා සම්බන්ධ ...

Petrol or Gassolen Fuel

Image
 පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍) යනු වඩාත් සුලබ මෝටර් රථ ඉන්ධන යක් වන අතර මෝටර් රථ , යතුරු පැදි , ස්කූටර් , බෝට්ටු , තණකොළ කපන මැශින් සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීම සදහා ලොව පුරා භාවිතා වේ. මේ නිසා 𝒑𝒆𝒕𝒓𝒐𝒍 යනු ලොව පුරා විහිදී ඇති 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 බහුතරයක් බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන ජනප්‍රියතම ඉන්ධන වර්ගය ලෙසින් හැදින්විය හැකිය. මෙය ප්‍රෙට්‍රෝලියම් (𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎) භාවිතා කරමින් නිපදවනු ලබන විශේෂිත ඉන්ධනයක් බැවින් 𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 (𝑼.𝑲) විසින් මෙම ඉන්ධන වර්ගය 𝑷𝒆𝒕𝒓𝒐𝒍 ලෙසින් නම් කර පවතී. මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වර්ගයම 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆𝒔 යන විශේෂිත නාමයෙන් ද හඳුන්වනු ලබයි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 යනු බොර තෙල් (𝑪𝒓𝒖𝒅𝒆 𝒐𝒊𝒍) පිරිපහදු කිරීම මගින් නිස්සාරණය කර ගනු ලබන හයිඩ්‍රොකාබනික වර්ගයේ ඉන්ධනයකි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පිරිසිදු අවස්ථාවේ දී පැහැදිලි , අවර්ණ මෙන්ම ඊටම ආවේණික වූ ප්‍රභල ගන්ධයකින් යුක්ත වාෂ්පශීලී ද්‍රවයක් ලෙසින් පවතී.     𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් කාර්‍යක්ශමව ක්‍රියා කරමින් ඉහල ප්‍රති...