Type of Resistors
ප්‍රතිරෝධක (Resistor) මූලික වශයෙන් ප්‍රමාණාත්මක ප්‍රතිරෝධී අගය , බාහිර හැඩය සහ නිපදවීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය අනුව වර්ගීකරණය කිරීම සිදු කර ඇත. අද වන විට ගෝලීය වශයෙන් භාවිතයේ පවතින ප්‍රතිරෝධක වර්ග වල පවතින වාසි සහ අවාසි මෙන්ම ඒවායේ යෙදුම් පිළිබදව මෙම ලිපිය මගින් දැනුමක් ලබා ගනිමු. ප්‍රතිරෝධක මූලික වශයෙන් වර්ග දෙකක් යටතේ වර්ගීකරණය කර පවතී. • Liner resistors • Non liner resistors Liner resistors යොදනු ලබන වෝල්ටීයතාවය (Voltage) සහ උෂ්ණත්වය (Temperature) මත ප්‍රතිරෝධී අගයන් රේඛීය ලෙස වෙනස් වන ප්‍රතිරෝධක රේඛීය ප්‍රතිරෝධක (Liner Resistor) ලෙසින් හැදින් වේ. මෙයම වෙනත් වචන් වලින් සරල ආකාරයෙන් පැවසුවහොත් , කිසියම් ප්‍රතිරෝධකයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාවට(Electric Current) සහ එම ප්‍රතිරෝධකය දෙපසට යොදනු ලබන විද්‍යුත් විභවයන්ගේ අන්තරයට සෘජු වම සමානුපාතික වන ප්‍රතිරෝධකයන් රේඛීය ප්‍රතිරෝධක ලෙසින් හැදින් වේ. සාමාන්‍යයෙන් රේඛීය ගුණ ඇති ප්‍රතිරෝධකයන් ක්‍රියා කරනු ලබන ආකාරය පදනම් කර ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කිරීම සිදු කර ඇත: • Fixed Resistor • Variable Resis