Exhaust Gas Recirculation (EGR)
අභ්‍යන්තර දහන එන්ජින් තුල සිද වන ඉන්ධන දහන ක්‍රියාවලියේ දී අතුරුඵලයක් ලෙස පිටාර වායු (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) මිශ්‍රණයක් නිපදවීම සිදු වේ. මෙම පිටාර වාත මිශ්‍රණය තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර මට්ටමේ රසායනික සංයෝග රැසක් අන්තර්ගත වී පවතී. මේ අතරින් නයිට්‍රිජන් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏) සහ ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏) වායූන් එකිනෙක ප්‍රතික්‍රියා කරමින් සෑදෙන 𝑵𝑶𝒙 වායූන් ප්‍රධාන තැනක් ගනී. රසායනික විද්‍යාවට අනුව 𝑵𝑶𝒙 යනු නයිට්‍රිජන් මොනොක්සයිඩ් සහ නයිට්‍රිජන් ඩයොක්සයිඩ් රසායනික සංයෝග හැදින්වීම සදහා භාවිතා කරනු ලබන කෙටි යෙදුමකි. මෙම නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏 𝑶𝒙𝒊𝒅𝒆 𝒐𝒓 𝑵𝑶𝒙) දූෂක වායූන් මගින් වායුගෝලය දූෂණය වීම වඩාත් ප්‍රභල අන්දමින් සිදු වේ. අප ජීවත්වන බාහිර වායු ගෝලයට නයිට්‍රිජන් ඔක්සයිඩ් වායූන් අධික මට්ටමින් එක් වීම මගින් අධික දුමාර තත්වයන් (𝑺𝒎𝒐𝒈) නිර්මාණය වීම , අම්ල වැසි (𝑨𝒄𝒊𝒅 𝒓𝒂𝒊𝒏) ඇති වීම සහ ටොපොස්ෆෙරික් ඕසෝන් (𝒕𝒓𝒐𝒑𝒐𝒔𝒑𝒉𝒆𝒓𝒊𝒄 𝒐𝒛𝒐𝒏𝒆) ස්තරයට හානි සිදු වීම වැනි අහිතකර මට්ටමේ පාරිසරික බලපෑම් ඇති වීම පෙන්වා ද...