Petrol or Gassolen Fuel

පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍) යනු වඩාත් සුලබ මෝටර් රථ ඉන්ධන යක් වන අතර මෝටර් රථ , යතුරු පැදි , ස්කූටර් , බෝට්ටු , තණකොළ කපන මැශින් සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීම සදහා ලොව පුරා භාවිතා වේ. මේ නිසා 𝒑𝒆𝒕𝒓𝒐𝒍 යනු ලොව පුරා විහිදී ඇති 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 බහුතරයක් බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන ජනප්‍රියතම ඉන්ධන වර්ගය ලෙසින් හැදින්විය හැකිය. මෙය ප්‍රෙට්‍රෝලියම් (𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎) භාවිතා කරමින් නිපදවනු ලබන විශේෂිත ඉන්ධනයක් බැවින් 𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 (𝑼.𝑲) විසින් මෙම ඉන්ධන වර්ගය 𝑷𝒆𝒕𝒓𝒐𝒍 ලෙසින් නම් කර පවතී. මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වර්ගයම 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆𝒔 යන විශේෂිත නාමයෙන් ද හඳුන්වනු ලබයි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 යනු බොර තෙල් (𝑪𝒓𝒖𝒅𝒆 𝒐𝒊𝒍) පිරිපහදු කිරීම මගින් නිස්සාරණය කර ගනු ලබන හයිඩ්‍රොකාබනික වර්ගයේ ඉන්ධනයකි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පිරිසිදු අවස්ථාවේ දී පැහැදිලි , අවර්ණ මෙන්ම ඊටම ආවේණික වූ ප්‍රභල ගන්ධයකින් යුක්ත වාෂ්පශීලී ද්‍රවයක් ලෙසින් පවතී. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් කාර්‍යක්ශමව ක්‍රියා කරමින් ඉහල ප්‍රති...