Altenator

𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿 ? ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම් වී විද්‍යුත් බලය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒑𝒐𝒘𝒆𝒓) ජනනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපාංගයකි. මෙය භාවිතා කරමින් යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර මෝටර් රථ සදහා අවශ්‍ය විද්‍යුත් බලය උත්පාදනය කර ගැනීම සිදු වේ. ප්‍රත්‍යාවර්තකය ක්‍රියා කිරීමේ දී එය තුල මූලික වශයෙන් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් ජනනය වීම සිදු වන අතර පසුව එය සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයක් බවට පරිවර්තනය කර මෝටර් රථ විදුලි පද්ධතිය (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) වෙත මුදා හරී. . පිරිවැය සහ සරල බව යන හේතූන් මත , බොහෝ ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) සදහා ස්ථාවර ආමේචරයක් (𝑨𝒓𝒎𝒂𝒕𝒖𝒓𝒆) සහිත භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) භාවිතා කරනු ලබයි. මෙම කොටස රොටර් (𝑹𝒐𝒕𝒐𝒓) යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ලබ...