Engine Coolant Temperature Sensor (ECT Sensor)

𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿? එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි. සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජ...