Electromagnet

𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗺𝗮𝗴𝗻𝗲𝘁? ස්ථිතික විද්‍යුත් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී විද්‍යුත් සන්නයනය නො කරන මාධ්‍යයක් තුල හෝ මතුපිට පෘෂ්ඨය මත ධන හා සෘන ලෙසින් ආරෝපිත ස්තර නිර්මාණය වී පවතින ආකාරයට සමාන ලෙසින් ස්ථිතික චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒐-𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී උත්තර සහ දක්ෂිණ ලෙසින් හඳුන්වනු ලබන ධ්‍රැව නිර්මාණය වී පවතී. 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔 මාද්‍ය තුල නිර්මාණය වී පවතින ධන හා සෘන ආරෝපණ මගින් ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයන් නිර්මාණය වීම සිදු වන අතර එම විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයෙන් ආරම්භ වී සෘන ආරෝපණයෙන් අවසන් වීම සිදු වේ. ඒ වගේම මෙම ධන සහ සෘන ආරෝපණ (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒂𝒏𝒅 𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒉𝒂𝒓𝒈𝒆) විද්‍යුත් ක්ෂේත්‍ර බලයන්ට යන්ට යටත් නොවී වෙන වෙනම උවද පැවතිය හැකිය. නමුත් මෙම ලිපියෙන් කතා කරනු ලබන චුම්බක උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් සදහා වෙන වෙනම පැවතිය නො හැක. එනම් චුම්බක මත උත්තර ධ්‍රැවයක් නිර්මාණය වීමට නම් දක්ෂිණ ධ්‍රැවයක් පැවතීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය. චුම්භක ධ්‍රැව මගින් න...